-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ කටුනායක අධිවේගී මර්ගයෙන් අවම වශයෙන් රුපියල් කෝටි 2580 ක මුදලක්‌ ආණ්‌ඩුවේ කිසියම් පුද්ගලයකු විසින් කොමිස්‌ වශයෙන් ලබාගෙන එම මුදල් විදේශ බැංකුවක සඟවා ඇතැයි එක්‌සත් ජාතික පක්‍ෂයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.

එම පුද්ගලයා මෙතරම් මුදල් උපයන්නේ කෙදිනක හෝ කැරකෝප්පුවක සිටින පොහොසත්ම මළ මිනිය වන්නට දැයි ද සිරිකොතදී පෙරේදා (07 දා) පැවැති එජාප මාධ්‍ය හමුවේදී කීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා මෙසේ ද කියා සිටියේය.

පසුගිය ඔක්‌තෝබර් 27 වැනිදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාත්, මහා මාර්ග අමාත්‍යවරයාත් තවත් ලෝක වාර්තාවක්‌ පිහිටුවා තිබෙනවා. ලෝකයේ වැඩිම මුදලක්‌ වැයකොට ඉදිකරන ලද කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය එම ලෝක වාර්තාවයි. ඒ පිළිබඳව ගිනස්‌ ලෝක වාර්තා පොතේ ඇතුළත් කරන ලෙස අපි ලිතව ඉල්ලීම් කළා.

රජයේ ඇස්‌තමේන්තු අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 25.8 ක දුර ප්‍රමාණය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 45.7 ක්‌ හෙවත් රුපියල් කෝටි 4500.7 ක්‌ වැය කොට තිබෙනවා. ඒ අනුව එම මාර්ගයේ එක්‌ කිලෝමීටරයක්‌ ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 1.8 ක්‌ වැය කොට තිබෙන බව පැහැදිලියි.

2014 වසර සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වෙන්කොට තිබෙන්නේ රුපියල් බිලියන 1.2 ක්‌ පමණයි. එනම් කාන්තාවන්ගේ සහ ළමයින්ගේ සංවර්ධනය වෙනුවෙන් වසර පුරාම වැය කිරීමට ලබා දී තිබෙන්නේ කොළඹ - කටුනායක මාර්ගයේ කිලෝමීටරයක්‌ ඉදිකිරීම සඳහා වැය කළ මුදලටත් වඩා අඩු මුදලක්‌ බව කිව යුතුයි. ඒ වගේම 2014 වසරේ අධ්‍යාපන වියදම් වෙනුවෙන් එනම් ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම් සහ එදිනෙදා වියදම් ද ඇතුළත්ව වෙන්කොට තිබෙන්නේ රුපියල් බිලියන 38 ක්‌ පමණයි. කෘෂිකර්මාන්තය වෙනුවෙන් රුපියල් බිලියන 44.7 ක්‌ ද, විශ්වවිද්‍යාල 14 ක්‌ සහිත උසස්‌ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 29.5 ක්‌ ද වෙන් කොට තිබෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂය අධිවේගී මාර්ග ඉදිකිරීමට විරුද්ධ නෑ. එජාපය 1977 න් පසුව මේ රටේ ආර්ථිකය නවීකරණය කිරීම ද ආරම්භ කළා. 80 දශකයේදී කටුනායක අධිවේගී මාර්ගය නිර්මාණය කිරීම සඳහා මූලික සැලසුම් සකස්‌ කළේත් එක්‌සත් ජාතික පක්‍ෂයයි. ඉන් පසුව පොදු පෙරමුණු ආණ්‌ඩුව යටතේ අපත්, 2001 වසරේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්‌ඩුවත් එම කටයුතු ඉදිරියට ගෙන ගියා. එහෙත් ඇස්‌තමේන්තුගත මුදලට වඩා හය හත් ගුණයක්‌ වියදම් කොට එම මාර්ගය ඉදිකිරීමට මේ ආණ්‌ඩුව ක්‍රියා කළ බව අමතක කළ නොහැකියි.

රටේ සංවර්ධනයක්‌ සිදුවිය යුතු වුවත් අපි කොමිස්‌ කුට්‌ටි සංවර්ධනයට විරුද්ධයි. සංවර්ධනයේ මුවාවෙන් මේ රටේ ජනතාවගේ මුදල් ගසාකෑමට අප විරුද්ධයි. වෙනත් රටවල්වල ඉදිකරනු ලබන අධිවේගී මාර්ග හා සංසන්දනය කිරීමේදී ලෝකයේ මෑතකාලීනව සිදුවූ විශාලතම කොමිස්‌ ගැසීම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය බව ඔප්පු කර පෙන්වීමට අපට පුළුවන්.

මෙවැනි අධිවේගී මාර්ගයක්‌ කෙන්යාවේ ජනාධිපතිවරයා විසින් 2012 නොවැම්බර් 09 වැනිදා "තිකා සුපර් හයිවේ" නමින් විවෘත කළ අතර එය කිලෝමීටර් 50 ක පමණ දිගකින් යුක්‌ත වෙනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 360 ක්‌ වැය කොට තිබෙනවා. චීනයේ සමාගමක්‌ විසින් ඉදිකරන ලද තිකා සුපර් හයිවේ මාර්ගය කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයට වඩා දෙගුණයක පළලකින් යුක්‌ත වන අතර එය මන්තීරු 8 කින් සමන්විත වෙනවා. චීන සමාගමක්‌ විසින් ඉදිකළත් එම මාර්ගයේ කිලෝමීටරයක්‌ සඳහා වැය වී තිබෙන්නේ මෙරට රුපියල්වලින් නම් රුපියල් මිලියන 972 ක්‌ පමණයි. මාර්ගය ඉදිකිරීම සඳහා වියදම් කළ එම මුදලත් වැඩි බවට එරට පාර්ලිමේන්තුව තුළත්, ජනතාව අතරත් විරෝධතාවක්‌ ඇතිවුණා. එහෙත් මන්තීරු හතරක්‌ පමණක්‌ තිබෙන කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ එක්‌ කිලෝමීටරයක්‌ ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1800 ක්‌ වියදම් කිරීම ලෝක වාර්තාවක්‌ බව ඉතා පැහැදිලියි.

මේ අනුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සෑම කිලෝමීටරයකින්ම රුපියල් කෝටි 100 ක්‌ කිසිවකු විසින් ගසා කා තිබෙන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. රාජපක්‍ෂගේ රෙජීමයේ කිසිවකු හෝ මෙම අධිවේගී මාර්ගයෙන් අවම වශයෙන් රුපියල් කෝටි 2580 ක්‌ ලබාගෙන විදේශ බැංකුවක සඟවා තිබෙනවා. මෙතරම් මුදලක්‌ උපයන්නේ කැරකෝප්පුවේ සිටින පොහොසත්ම මළමිනිය වන්නටදැයි අපට සිතෙනවා. මෙම මුදල් ස්‌විට්‌සර්ලන්තයේ බැංකුවලින් අග්නිදිග ආසියානු රටවලට ගෙන යන බවත් දැනගන්නට තිබෙනවා. එමෙන්ම ඉතාලියේ සැන්මරිනෝ රාජ්‍යයේ සඟවා තිබූ මුදල් වෙනත් පළාත්වලට ගෙනයන බවටත් ආරංචි පැතිරෙනවා. එම ගිණුම් අයිතිකරුවන් පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

තවත් පැත්තකින් මෙය මහා ජාතික අපරාධයක්‌. ඒ වගේම හෙණ ගහන අපරාධයක්‌. චීනයේ සමාගමක්‌ විසින්ම ඉදිකරන ලද තිකා සුපර් හයිවේ මාර්ගයේ මන්තීරු 8 සඳහා වියදම් කළ මුදලට වඩා මන්තීරු 4 කින් යුතු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා මෙතරම් මුදලක්‌ වැය වූයේ කෙසේදැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාත්, මහාමාර්ග ඇමැතිවරයාත් රටට හෙළි කළ යුතුයි. සන්ධාන ආණ්‌ඩුවේ පොඩ්ඩන් ගමේ කොන්ක්‍රීට්‌ පාරෙනුත් ගසාකන විට ආණ්‌ඩුවේ ලොක්‌කන් සංවර්ධනය මුවාවෙන් තමන්ගේ විදේශ ගිණුම් තරකර ගන්නා බව මා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. අපි අයවැය අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේදී මීටත් වඩා කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙත් මේ චෝදනාව පිළිබඳව ඊට පෙර යම් පිළිතුරක්‌ බලාපොරොත්තු වෙනවා.

රජයේ ඉහළම තනතුරක්‌ දරන පුද්ගලයෙක්‌ ඇමැතිවරුන් පිරිසක්‌ ඉදිරියේ මගේ කට වැසිය යුතු බවට ප්‍රකාශ කොට ඇතැයි එම ඇමැතිවරු මා සමඟ ප්‍රකාශ කළා. ඒ අනුව මම කථානායකවරයාගෙනුත් ආරක්‍ෂාව ඉල්ලා සිටියා. කථානායකවරයා ඒ මොහොතේදී මාගේ කතාවෙන් භාගයක්‌ පමණ කපා කොටා වාරණයට ලක්‌ කළා. එහෙත් කථානායක පුqටුවේ සිට මන්ත්‍රීවරුන්ට එක හා සමානව ආරක්‍ෂාව සලසන ලෙස පොලිස්‌පතිවරයාට නියෝග කළා. කථානායකවරයා එසේ කයිවාරු ගසා සති දෙකක්‌ ගතවුණත් පොලිස්‌පතිවරයා තබා අප ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා හෝ මගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක්‌ කළේ නෑ.

එක්‌සත් ජාතික පක්‍ෂ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා - රටකට ජාත්‍යන්තරයේ සහයෝගය දිනාගැනීමට එම ජාත්‍යන්තර සංවිධාන සමඟ අත්සන් කොට තිබෙන ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ අතර මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීම සහ යහපාලනය ආදියට ගරු කළ යුතුයි. එසේ නොමැතිව ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කළ පමණින් ජාත්‍යන්තරයේ පිළිගැනීමක්‌ ඇතිවන්නේ නැහැ.

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබියදී මෙරටට පැමිණි ජාත්‍යන්තර මාධ්‍යවේදිනියන් දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකාවට ඇති වන්නේ අපකීර්තියක්‌ පමණයි. එම මාධ්‍යවේදිනියන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ජාත්‍යන්තරය පිsළිගත් ටයිම් සඟරාව දරුණු විවේචනයක්‌ කර තිබෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ද පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය - එක්‌සත් ජාතික පක්‍ෂය පත්කරන ලද නායකත්ව මණ්‌ඩලයෙන් පක්‍ෂයට කිසිදු යහපතක්‌ අත්නොවන බව එක්‌සත් ජාතික පක්‍ෂය සුරැකීමේ වෘත්තීය සමිති ප්‍රකාශ කොට තිබෙනවා.

පිළිතුර - මා දන්නා තරමින් එක්‌සත් ජාතික පක්‍ෂය සුරැකීමේ වෘත්තීය සමිති එලෙස චෝදනා කරන්නේ නැහැ. නමුත් හතු පිපෙන්නාක්‌ මෙන් බිහිකරනු ලබන මහින්ද රාජපක්‍ෂ සුරැකීමේ වෘත්තීය සමිති එසේ ප්‍රකාශ කරනවා ඇති. කුමන චෝදනා පැමිණියත් විවිධ අදහස්‌ දරන අය ඒකරාශි කරගෙන අපි ඉදිරියට යනවා. ඊට අකමැති අයගේ සැබෑ අරමුණ ජනතාව අවබෝධ කරගනිමින් සිටිනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week