-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ බොරතෙල් අවසන් වීම නිසා ඊයේ (08 වැනිදා) දහවල් සිට දින නියමයක්‌ නොමැතිව එම යන්ත්‍රාගාරය නවතා දමා ඇත.

බොරතෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයක පමණ සිට අවිනිශ්චිත තත්ත්වයක පැවතීම පිරිපහදු සංකීර්ණය වසා දැමීමට මූලික හේතුව වී තිබේ.

අවම ධාරිතාවටත් වඩා අඩු ධාරිතාවකින් අඛණ්‌ඩව යන්ත්‍රාගාරය ක්‍රියාත්මක කරවීමට නිලධාරීන් හා කාර්මික ශිල්පීන් දැඩි උත්සාහයක නිරත වූ බව ද, එම නිසා සංස්‌ථාවට විශාල අලාභයක්‌ සිදුවූ බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි. එසේ තිබියදීත් අදාළ බලධාරීන් බොරතෙල් ගෙන්වීමට කිසිදු පියවරක්‌ නොගත් බවද වෘත්තීය සමිති කියයි.

පිරිපහදු යන්ත්‍රාගාරය අඛණ්‌ඩව ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමට මෙතෙක්‌ තෙල් සංස්‌ථා කළමනාකාරීත්වය පියවර ගෙන නැතැයි ද ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා "දිවයින"ට පැවසීය.

පිරිපහදු සේවකයන්ගේ රැකියා සුරක්‍ෂිතතාව පිළිබඳව ද අවධානමක්‌ පවතින බව පෙන්වා දුන් අශෝක රන්වල මහතා බොරතෙල් ආනයනය නොකිරීමේ වගකීම කළමනාකාරීත්වය ඇතුළු රජය භාරගත යුතු බවද සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week