-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකාට සමාන කරමින් ‘ප‍්‍රභාකරන් යළි උපදී’ නමින් මුද්‍රණණය කර තිබූ පොත් විශාල ප‍්‍රමාණයක් එම පක්‍ෂයේ භික්‍ෂු අංශ හිමිවරුන් විසින් සොයාගෙන තිබේ.
නුගේගොඩ ප‍්‍රදෙශයේ මුද්‍රණාලයක මුද්‍රණය කරමින් තිබූ බව කියන මෙම පොත් තොගය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ භික්‍ෂු සංවිධානයේ මහලේකම් පූජ්‍ය බියගම සුසීල හිමි ඇතුළු පිරිසක් විසින් හෙළි කර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කරමින් උන් වහන්සේ මෙසේ කියා සිටියහ.
‘සරත් ෆොන්සේකා මැතිතුමන්ට මඩ පහර ගහන්න මේ  මුද්‍රණා‍ලයෙන් පොතක් නිකුත් කරනවා මේ දැනට පොත් දහ දාහකට වැඩිය ප්‍රින්ට් කරල තියෙනවා. කවුද‍ මේක ප්‍රින්ට් කරන්නේ?
මේ ඇතුලේ තියෙන මුද්‍රණාලයේ පොත් දහ දාහකට වැඩිය ප්‍රින්ට් කරනවා. අපි අතේ මෙතැන තියෙනවා මේ පොත අපි මේකට මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. මොකද අපි පොලීසියට දහවල් දැනුම් දුන්නා.  දහවල් දොළහේ ඉදල, එක නිලධාරියෙක් වත් තාම මෙතැනට ආවේ නැහැ. අපි මිරිහාන පොසිල් ස්ථානයට මේ ගැන දැනුම් දුන්නා.
ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා වගකිවයුතු නිළධාරීන් මේරටේ ඉන්න අය වහාම ක්‍රියාත්මක වෙලා මේ ගැන සොයා බලන්න. මේවගේ නින්දිත මේවගේ පහත් තුච්ච තුප්පහි වැඩක් මේ දේශපාලන ඉතිහාසය තුළ වෙලා නැහැ’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos