මොරටු සරසවියේ මුස්ලිම් සිසුවියන් දෙදෙනෙකු විසින් තම ඉස්ලාම් ආගමානුකූල මුහුණු ආවරණය වන පර්දාව පැලදීමට කළ ඉල්ලීමක් සරසවි පාලනාධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙකී සිසුවියන් දෙදෙනා දැනට් මාස කිහිපයකට පෙර මුහුණ ආවරණය වන සේ ඇදුම් ලා ගෙන විශ්වවිද්‍යාල භූමිය තුළ සිටීමට ඉල්ලීමක් කළ බවත් ඉන් පසුව එය විනය පාලක කමිටුවේ හා සනාතන සභාවේ එකගත්වය මත ප්‍රතික්ෂේප කල බවත් එහි උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා පවසයි.
මෙම තීරණය ගැනීමට විශ්වවිද්‍යාලය තුළ සිටින මුස්ලිම් ආචාර්යවරු පවා එකග වූ බවත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව හා විනය පවත්වා ගෙන යාම සදහා සිසුන් පැහැදිලිව හදුනා ගත හැකිවන සේ සිටිය යුතු බවත් ඒ මහතා සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළ දැනට කිසිදු ගැටලූවක් නොමැති බවත් එහෙත් ඇතැම් පිරිස් මේ හරහා ගැටලූ නිර්මාණය කිරීමේ උත්සාහයක යෙදෙන බවත් උපකුලපතිවරයා සදහන් කළේය.