රුපියල් ලක්ෂ 31 ට අධික වටිනාකමකින් යුත් රත්‍රං සමග මුස්ලිම් ජාතිකයන් තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් ඊයේ (30) සහ අද (01) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල - මාබෝල ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් රන් බිස්කට් දෙකක් සිය ගුද මාර්ගයේ ස`ගවා චෙන්නායි බලා රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (30) පස්වරුවේයි. මෙම රන් බිස්කට්වල බර ග්‍රෑම් 231 ක්. ඊට අමතරව, මෙම කාන්තාව පැළඳ සිටි සාදා නිම නොකරන ලද රන් වළලූ 3 ක් සහ රන් මාලයක් ද රේගු අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර, අද (01) උදෑසන චෙන්නායි බලා යාමට පැමිණි කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක් අයෙකුගේ ගමන් මල්ලේ ස`ගවා තිබූ රන් කූරු 4 ක් එහිදී අත්අඩංගුවට ගැනුණා. ග්‍රෑම් 194 ක් බර මෙම රන් කූරුවල වටිනාකම රුපියල් නවලක්ෂ 70,000 ක්. අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් මුස්ලිම් ජාතිකයා සිය ජංගම දුරකථනයේ බැටරියෙහි රන් බිස්කට් එකක් අලවා රැුගෙන යාමට උත්සාහ කර තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ 5 ක්. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ කාන්තාවක් ගුද මාර්ගයේ රත්‍රං සඟවා ගෙන රටින් පිටව යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවයි.