පුතුන් දෙදෙනෙක් සමඟ එක්වී හෙරොයින් ජාවාරම් කළ පියෙක් හෙරොයින් ග්රෑම් 5 මිලිග්රෑම් 100ක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන අංශයට හැකිවී ඇත.
එම අවස්ථාවේ එක් පුතෙකු පැනගොස් ඇත.
අත්අඩංගුවට ගත් දෙදෙනා අලුත්කඩේ අංක 5 දරන මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරු කපිල දූෂාන්ත එපිටවෙල මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. එම අවස්ථාවේ පැනගිය පිට්ටනිගොඩගේ වසන්ත කුමාර නැමති අය අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු කරමින් සිටිති.
රක්ෂිත බන්ධනාගාර ගත කළ පිට්ටනිගොඩගේ ගුණදාස නැමති අය හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් කිහිපවරක්ම අධිකරණයෙන් දඬුවම් ලබා සිටි අයෙක් බවද පොලිසිය කියයි.
වැලිකඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක ප්රසන්න රජීව් මහතා සමඟ පොලිස් කොස්තාපල්වරුන් වන දිසානායක (60099) හා වෙලගෙදර (88637) යන අය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.