යුදෙව් ආගමික නීතියට අනුව සිය දරුවා සුන්නත් නොකළ මවකට එය සිදුකරන තුරු දිනකට ඩොලර් 140ක් බැගින් වන දඩයක් පැණවීමට ඊශ‍්‍රායලයේ යුදෙව් ධර්මාධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.
එලිනෝර් නම් මෙම මව පවසා ඇත්තේ සෞඛ්‍ය ගැටළුවක් සහිතව තම දරුවා උපත ලැබූ හෙයින් නියමිත පරිදි 8වන දිනයේදී සුන්නත් කිරීම සිදු කළ නොහැකිවූ බවයි.
මේ වන විට දරුවාගේ වයස අවුරුද්දක් වන අතර එය මතුවටද සිදුකළ නොහැකි බව පසුව වටහාගත් බවත් මේ වන විට දරුවා සෞඛ්‍ය සම්පන්නව පසුවන බවත් ඇය පවසා තිබේ.
කෙසේවෙතත් දරුවාගේ පියා සමග දික්කසාද වීමේ අරමුණින් නෙතන්යා රබ්බිනිකානු අධිකරණයට ගිය පසු දරුවා සුන්නත් නොකිරීමට කලින් එකගව සිටි පියා එය සිදුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
යුදෙව් නීතියට අනුව දෙමව්පියන්ගෙන් එක් අයකු කැමැත්ත පළ කළ විට සුන්නත් කිරීම සිදුකළ යුතු වන අතර අධිකරණය විසින් එලිනෝර් වෙත නියෝග කර ඇත්තේ තම දරුවා සතියක් තුළ සුන්නත් කරන ලෙසයි.
ආගමික ගැටළු, පවුල් ආරවුල් ආදිය විභාගයට ගන්නා මෙම ආගමික අධිකරණය සතුව දරුවකු සුන්නත් කිරීමට නියෝග කිරීම සඳහා බලයක් නොමැති බව පවසමින් එලිනෝර් සහ ඇගේ නීතිඥයා ඉහළ රබ්බිනිකානු අධිකරණය වෙත අභියාචනා කර ඇත.
කෙසේවෙතත් එය ප‍්‍රතික්‍ෂෙප කළ ඉහළ ධර්මාධිකරණය නියෝග කර ඇත්තේ සුන්නත් කරන තෙක් දිනකට ඩොලර් 140ක දඩයක් ගෙවන ලෙසයි.
තමන් රැකියාවක් නොකරන හෙයින් එය ගෙවිය නොහැකි බව පවසන මව මෙම අවනඩුව ඊශ‍්‍රායල මහාධිකරණය වෙත යොමුකිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ වන විට ඇය ගෙවිය යුතු දඩය ඩොලර් 700කට ළගාවී ඇතැයි පැවසේ.