-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දෙතොල් අලංකාරව තබා ගැනීම සඳහා විවිධ කෘත්‍රිම තොල් ආලේපන භාවිත කරනු ලබනවා. බොහෝ කාලයක් මේවා භාවිත කිරීමෙන් දෙතොල්වල වර්ණය වෙනස් වෙනවා. තොල් කළු පැහැයට හැරෙන්නත් පුළුවන්.


තොල් වියළීම හා පැළීම

මීට අමතරව බොහෝ දෙනකුගේ තොල් වියළීමත් තොල් පැළීමත් සිදු වෙනවා. මෙසේ වීමට විවිධ හේතු බලපානවා. දේශගුණයේ වෙනස් වීම්, විශේෂයෙන්ම සීතල දේශගුණය පවතින ප්‍රදේශවලදී සමහර අයගේ දෙතොල් පිපිරීමට ලක්වෙනවා. විටමින්, ඛනිජ ලවණ (යකඩ) සහ අත්‍යවශ්‍ය මේද අම්ලවල ඌනතාවත් මෙයට හේතු වෙනවා. සමහර ඖෂධ හා රසායන ද්‍රව්‍යවලට දක්වන අසාත්මිකතාත් දුම්බීමත් තොල් පැළීමට බලපානවා. ශරීරය විජලනයට ලක්වීම, නිතර තද හිරුඑළියට නිරාවරණය වීම, තොල් සැපීම වැනි නරක පුරුදු නිසාත් තොල් පැළී තුවාලවීමට ඉඩ තිබෙනවා.


ප්‍රතිකාර

තරුණියකගේ දෙතොල් නිතර නිතර වියළීමට, කළු පැහැති වීමට මෙන්ම දෙතොල් පැළී තුවාල වීමට ලක්වේ නම් එය ඇයගේ සුන්දරත්වයට හානියක් වෙනවා මෙන්ම ඇයට මානසිකව පීඩනයක් ඇතිවීමට හේතුවෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පහත සඳහන් උපදෙස් පිළිපැදීම අවශ්‍ය වෙනවා.

• දිනපතා වැඩිපුර ජලය පානය කර ශරීරයේ නිසි තෙතමනය පවත්වා ගත යුතුයි.

• තොල් සැපීම වැනි නරක පුරුදුවලින් ඈත්විය යුතුයි.

• විටමින් ‘ඒ’ අඩංගු කැරට්, තක්කාලි, කොළ, එළවළු හා පලාවර්ග වැඩි වැඩියෙන් ආහාරයට ගත යුතුයි.

• තද සූර්යාලෝකයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා නිවෙසෙන් බැහැරව යන විට සුදුසු තොල් ආලේපනයක් Sun screen භාවිත කිරීම.

• රාත්‍රි කාලයේදී දෙතොලෙහි සුදුසු Lip balm එකක් ආලේප කිරීම.

• කෘත්‍රිම තොල් ආලේපනවලින් ඉවත්වී ස්වාභාවික ඖෂධීය ද්‍රව්‍යවලින් සාදාගත් තොල් ආලේපන භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගත හැකිය.


රෝස පාට දෙතොලක්

මෙහි දක්වා ඇති සරල එමෙන්ම ආරක්ෂාකාරී ඖෂධ භාවිතයෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.

• ගිතෙල් ස්වල්පයක් සමඟ කහ කුඩු මිශ්‍රකර දෙතොලේ ආලේප කර පැයක් පමණ තිබෙන්නට හරින්න. මෙය දිනපතාම භාවිත කිරීමෙන් දෙතොලෙහි කළු පැහැය ඉවත් වී රෝස පැහැයක් ක්‍රමයෙන් ඇතිවේ.

• රතු රෝස පෙති ගිතෙලින් අඹරා දෙතොලේ ආලේප කිරීමෙන්ද ඉහත ප්‍රතිඵල ලබාගත හැකිය.

• මී පැණි, ජලය, ග්ලීසරීන් හා Almond oil සම ප්‍රමාණයෙන් ගෙන බෝතලයකට දමා හොඳින් මිශ්‍රකර ගන්න. මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් දිනපතාම දෙතොලෙහිම ආලේප කිරීමෙන් රෝස පැහැති දීප්තිමත්ව තොල් සඟලක් ඇතිවේ.

•දෙතොලෙහි රාත්‍රියට එඬරු තෙල් ස්වල්පයක් ආලේප කර පිරිමදින්න. එවිට දෙතොල් මෘදු වී පැහැපත් වේ.


දෙතොල් වියළීම වැළැක්වීමට

දෙතොලේ තෙතමනය ආරක්ෂා කර වියළීම වළක්වා ගැනීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර ඉතා සාර්ථක වේ.

• මී පැණි ස්වල්පයක් ආමන්ඩ් ඔයිල් සමඟ මිශ්‍රකර දෙතොලේ අලේප කර පිරිමදින්න.

• මී පැණි සමඟ වැස්ලින් ස්වල්පයක් මිශ්‍රකර දෙතොලේ ආලේප කර විනාඩි 10-15ක් පමණ තිබෙන්නට හැර වතුරින් පෙඟවූ පුළුන් කැබැල්ලකින් තොල් පිසදමන්න.

• කෝමාරිකා මද ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.

• ග්ලිසරීන්, දෙහි යුෂ, එඬරු තෙල් ස්වල්පයක් බැගින් එකට මිශ්‍රකර රාත්‍රියේදී දෙතොලෙහි ආලේප කර පසුදා උදෑසන තෙත රෙදි කඩකින් මෘදුව පිසදමන්න.

මෙම ප්‍රතිකාර දින කිහිපයක් නොකඩවා කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.


දෙතොල් පැළීම වැළැක්වීමට

නිතර නිතර දෙතොල් පිපිරී තුවාල වීම වේදනාවක් මෙන්ම මානසික වධයකි. එමෙන්ම එය සුන්දරත්වයටද බාධාවකි. මෙය වැළැක්වීම සඳහා පහත සඳහන් ප්‍රතිකාර දින කීපයක් නොකඩවා කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකිය.

• පොල් තෙල් ස්වල්පයක් දෙතොලෙහි ආලේප කරන්න.
• එළකිරි උණුකරන විට ඇතිවන කිරි යොදය දෙතොලෙහි ආලේප කරන්න.

• මී පැණි ස්වල්පයක් රාත්‍රියේදී දෙතොලේ ආලේප කරන්න. මී පැණි හොඳ මොයිස්චර්රයිසර් එකකි. එමෙන්ම ක්‍ෂුද්‍ර ජීවී නාශකයකි. මී පැණි පහසුවෙන් නරක් නොවේ. මේ නිසා තොල් පැළීම පහසුවෙන් සුව වේ.

• මී පැණි ස්වල්පයක් විටමින් E කරලක් මිශ්‍රකර දෙතොලෙහි ආලේප කිරීමෙන්ද තුවාල සුව වී කළු පැහැයද ඉවත් වේ.

• දිනකට කීපවරක් පිපිඤ්ඤා පොත්තක් දෙතොලෙහි ඇතිල්ලීමෙන්ද තුවාල සුව වේ.

• සතියකට කීපවරක් පොල් වතුර හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන්ද දෙතොල් පැළීම මඟහැරී යයි.

• Olive තෙල් ස්වල්පයක් වැස්ලීන් සමඟ මිශ්‍රකර ආලේප කිරීමෙන්ද දෙතොල් පැළීම සුවවේ.

• ආයුර්වේද ප්‍රතිකාරවලදී නම සඳහන් වන පිණ්ඩතෙල්ද ‍දෙතොල් පැළීම වැළැක්වීම ඉතා හොඳ ඖෂධයකි.

මෙවැනි සරල ප්‍රතිකාරවලින් දෙතොල් ආශ්‍රිත රෝග රැසකට සහනය සැලසෙනවා පමණක් නොව අති සුන්දර තොල් සඟලක් ලබා ගැනීමටත් එය හේතු වෙනවා.

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය
(mawbima)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos