-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය සුවිශේෂී තරගයක් විය.
ඒ, එම තරගය අතරතුර විශේෂ සිදුවීම් රැසක් වාර්තා වීම ය.
මෙහිදී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් යුව්රාජ් සිං සහ ඒබී ඩිවිලියර්ස් විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ.
එහිදී යුව්රාජ් සිං පන්දු 38 කදී ලකුණු 83ක් රැස් කිරීම කැපී පෙනිණි.
ඊට අමතරව, ඒබී ඩිවිලියර්ස් පන්දු 32කදී ලකුණු 58ක් රැස් කිරීමට සමත් විය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙහිදී නියමිත පන්දු වාර 20 තුළදී ලකුණු 190ක් රැස් කිරීමට සමත් විය.
ඉන්පසු පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 106කදී බිඳ වැටුණේ, තරගයේ 14 වන පන්දු වාරයේදී ය.
ඒ වන විට ඔවුන් අබිමුව පැවති ඉලක්කය පන්දු 39කදී ලකුණු 85ක් රැස් කිරීම ය.
එම අසීරු ඉලක්කය පසු කිරීම සඳහා ස්ටීවන් ස්මිත් පන්දු 21කදී ලකුණු 48ක් රැස් කළේ ය.
ඔහුට අනගි සහයක් දුන් ජේම්ස් ෆෝක්නර් පන්දු 17කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 41කි.
තරගය අවසන් වූයේ, පන්දු වාර 18.5කදී ලකුණු 191ක් රැස් කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos