-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කන්දකැටිය මීගහකිවුල කැටවත්ත රක්‍ෂිතයේදී තරුණයන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගෙන සිදුකළ පහරදීමේදී දහඅට හැවිරිදි තරුණයකු මිය යැම සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු (එස්‌ අයි) ඇතුළු පොලිසියේ හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ (11 වැනිදා) බදුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින දාහතරක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙහිදී මියගොස්‌ ඇත්තේ මීගහකිවුල කැටවත්ත ප්‍රදේශයේ පදිංචි සඳුන් මාලිංග නමැති දහඅට හැවිරිදි තරුණයෙක්‌ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (11 වැනිදා) පොලිස්‌ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසීය.

රක්‌ෂිත බන්ධනාගාර ගතවූවන් අතර කන්දකැටිය පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌, පොලිස්‌ කොස්‌තාපල්වරුන් හතරක්‌, පොලිස්‌ ආරක්‌ෂක සහායකයෙක්‌ හා සිවිල් ආරක්‌ෂක භටයෙක්‌ සිටිති.

කන්දකැටිය මීගහකිවුල කැටවත්ත රක්‌ෂිතයේ පුද්ගලයන් පිරිසක්‌ නිධන් හාරන බවට කන්දකැටිය පොලිසියට 08 වැනිදා ලැබුණු තොරතුරක්‌ මත පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම ප්‍රදේශයට ගොස්‌ රක්‌ෂිතයේ සිටි සැකකරුවන් පස්‌ දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව සැකකරුවන් පොලිසියට රැගෙනවිත් කටඋත්තර සටහන් කරගෙන බදුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එදිනම බන්ධනාගාර ගතකර ඇත. බන්ධනාගාර ගතව සිටියදී මියගිය දහඅට හැවිරිදි තරුණයා රෝගාතුරවී බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 09 වැනිදා මියගොස්‌ තිබේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් බදුල්ල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්. ඩී. කේ. විඡේවීර මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකර තරුණයාට පහරදීමක්‌ නිසා ශරීර අභ්‍යන්තරවලට හානිවීම නිසා සිදුවූ මරණයක්‌ බවට වාර්තාව ලබාදී ඇත.

එම වාර්තාව සහ මියගිය තරුණයා සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින ඉතිරි සැකකරුවන් සිව්දෙනාගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට පත්වූ අවස්‌ථාවේ සිටි පොලිස්‌ නිලධාරීන්ගෙන් මියගිය තරුණයාට සහ තමන්ට පහරදීම් සිදුවූ බව ඔවුන් හෙළිකිරීම සැළකිල්ලට ගෙන පොලිස්‌ නිලධාරීන් අත්අඩංගුවට ගෙන හඳුනා ගැනීමේ පෙරට්‌ටුවක්‌ සඳහා රක්‌ෂිත බන්ධනාගාර ගත කළ බව ද අජිත් රෝහණ මහතා කීය.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos