-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වලවේ ගග හා කිරිදි ගග මිටියාවත් අතර පිහිටි අම්බලන්තොට, සූරියවැව, හම්බන්තොට, ලූණුගම්වෙහෙර හා තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ජල පෝෂක ප‍්‍රදේශ රැසකට වැසි ඵල වැඩි වීමත් සමඟ මහා විද්‍යාඥ ආතර් සී ක්ලාක් මහතාගේ එක් අනාවැකියක් සඵල කරමින් හම්බන්තොට අද වන විට තෙත් කලාපයක් බවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් ආර්.සී ද සොයිසා මහතා පවසයි.

මවුආර ව්‍යාපාර හා වෙහෙරගල ව්‍යාපාර මගින් නිරන්තර ජල පහසුකම් ලැබීමත් පවතින බවත අනාදිමත් කාලයක සිට අර්ධ ශුෂ්ක ප‍්‍රදේශයේ පැවති මෙම කලාපයේ ප‍්‍රධාන නිෂ්පාදනය කළ හම්බන්තොට මහලේවායේ ලූණු නිෂ්පාදනය අඩු වෙමින් පවතින්නේ වර්ෂය පුරා වැසි ලැබෙන දින ගණන් වැඩිවීම නිසා යයිද ඔහු සඳහන් කරයි.

මේ තත්ත්වයන් අනුව කලාපයේ ගොවි ජනතාවගේ ආර්ථික සංවර්ධනය හා නව භෝග වගාවන් ව්‍යාප්ත කළයුතු බැව් දිසා ලේකම්වරයා අනාවරණය කළේ දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවේ ගොවි නියෝජිත හමුවකදීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos