මාවනැල්ල අධ්‍යාපන කලාපයේ උතුවන්කන්ද වැගන්තලය ප්‍රදේශයේ මහා විද්‍යාලයක විදුහල්පතිට එම පාසලේම ගුරුවරියන් තිදෙනකු පහර දීමෙන් විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.
අතින් පොත්පත් වලින් හා සෙරෙප්පු වලින් පහර දීම සිදුවී ඇති අතර පාසල අවසාන වන්නට ඉතාමත් ආසන්නව 1.40 ට පමණ මෙම සිදුවීම වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
පාසලේ පරිපාලනමය කටයුත්තක් සඳහා විදුහල්පති හා ගුරුවරියන් අතර බහින්බස් වීමකින් පසු ගුරුවරියන් විසින් මෙම පහර දීම සිදුවූ බවට විදුහල්පති මාවනැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
ගුරුවරියන්ද තමන්ට අසාධාරණයක් සිදුවූ බවට පැමිණිලි කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.
මේ සම්බන්ධව පොලිසිය පරීක්‍ෂණ පවත්වන අතර විදුහල්පතිවරයාගේ කණ ප්‍රදේශයට වැදුණු පහරක් නිසා රෝහල් ගතවී ඇති බවද දැනගන්නට ඇත.
මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත.
ගුරුවරියෝ තිදෙනෙක් එක්ව විදුහල්පතිට පහරදෙති
2013-10-08T07:18:00+05:30
Janith
local|Local news|