-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එක්සත් ජාතික පක්ෂයේ දෙපිල අතර මාතර දී ඇතිවූ ගැටුමට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් 24 දෙනා ඇතුළු සැකකරුවන් 25 දෙනා ලබන 14 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා ඊයේ (7) නියෝග කළේය.

රිමාන්ඩ් භාරයේ පසුවූ මෙම සැකකරුවන් ඊයේ (7) යළි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ හඳුනාගැනීමේ පෙරට්ටුවකටය.
එහෙත් ගැටුමෙන් තුවාලලත් පුද්ගලයන් සාක්කිකරුවන් ලෙස පෙරට්ටුවට ඉදිරිපත්වීම සඳහා අධිකරණය වෙත පැමිණ නොසිටීම නිසා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව ඊළඟ දිනයේදී පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියම කළේය.

පසුගිය සෙනසුරාදා මාතරදී සිදුවූ මෙම ගැටුමට එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පිරිස දෙවිනුවර සිට කොළඹ බලා ගමන් කර තිබූ පෙළපාලියට මංගල සමරවීර මහතාට සම්බන්ධ පිරිසක් පහරදීම හේතු විය.

දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව මහතා සමඟ ඊයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් භාරවූ පළාත් සභා මන්ත්‍රී අකුරැස්සේ ප්‍රියන්ත (පොඩි කඩේ ප්‍රියන්ත) සමඟ මාතර හිටපු පුරපති උපුල් නිශාන්ත, නාගරික මන්ත්‍රී නලීන් අබේගුණවර්ධන, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලයනල් කොඩිකාර, නගර සභා අපේක්ෂිකා චින්තා ලාලනී යන අයද රක්ෂිත බන්ධනාගාරගත පිරිස අතර වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.ආර්. විමලසිරි යන අයද සැකකරුවන් ඉදිරිපත් වන අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණ සිටියහ.

එක්සත් ජාතික පක්ෂයේම දෙපිරිසක් අතර ඇති වූ මෙම ගැටුමේදී අත්අඩංගුවට පත් මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන් 24 දෙනා පෙරේදා (06දා) මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (07දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos