-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාතර නගරයේ එක්සත් ජාතික පාක්‍ෂිකයින් දෙපිරිසක් අතර ඇති වු ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන සිටි 22 දෙදෙනා ලබන 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය.
විත්තියේ නීතීඥයින් සැකකරුවන්ට ඇප ඉල්ලා සිටියද පොලිසියේ දැඩි විරෝධය හේතුවෙන් ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප විය.
මේ අතර, මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එදිනට සාක්ෂිකරුවන් නොපැමිණියහොත් සැකකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් සලකා බලන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කරන ලෙස බල කරමින්, කොළඹ බලා ගමන් ආරම්භ කළ 'ශිරාල් -මෛත්‍රී පා ගමන' ට පහරදුන් බවට චෝදනා කරමින් මේ පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිනි.
මේ පිරිස අතර, දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව, මාතර මහනගර සභාවේ විපක්ෂනායක උපුල් නිශාන්ත, මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර නාගරික මන්ත්‍රීන් වන නලීන් අබේගුණවර්ධන, නුස්කි ඉබ්බාල්, මාතර කාන්තා සංවිධානයේ ප්‍රධානි චින්තිකා ලාලනී, මංගල සමරවීර මහතගේ පෞද්ගලික ලේකම් සමීර මනහර මෙන්ම මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරන කිහිප දෙනෙකු ද වෙති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos