-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුරුලෑ පිළිබඳ කොයි තරම් අපි සැලකිලිමත් විය යුතු ද කියලා පසුගිය ලිපි දෙකකින්ම ඔබට උපදෙස් ලැබුණා. තමන් එදිනෙදා ගෙවන ජීවන රටාවත් මේ සඳහා බෙහෙවින් බලපාන බව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. මෙවර අපගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ කුරුලෑ ඇතිවීමට පුළුවන් විවිධ ආකාර කිහිපයක් පිළිබඳයි.
ඔබ ඔබගේ මුහුණ දෙස කණ්ණාඩියෙන් බැලු විට කුරුලෑ ඇති කෙනෙක් නම් මේ ආකාර කිහිපය පිළිබඳ දැනගෙන සිටීම අතිශයින් වැදගත් වෙනවා. මන්ද එවිට කිසියම් හෝ අවබෝධයකින් තමාගේ මුහුණේ ඇති වී තිබෙන්නේ කවරාකාර කුරුලෑ තත්ත්වයක් ද යන්න ගැන දැනුවත් විය හැකි නිසා.
පළමු ආකාරය අප හඳුන්වන්නේ ‘මීලියා’ (Melliea) යනුවෙනි. මේ ආකාරයේ කුරුලෑ ඉතාම කුඩායි. නළලේ, කම්මුලේ සහ නිකටේ කුඩා, කුඩා බිබිලි වශයෙන් තමයි වැඩිපුර දක්නට ලැබෙන්නේ. මේ කුඩා බිබිලිවල සැරව තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නෑ.
Acne කියන්නේ කුරුලෑ දැකිය හැකි තවත් ආකාරයක්. මේ තත්ත්වය මුළු මුහුණ පුරාම දක්නට ලැබෙනවා. සමහරුන්ගේ බෙල්ල වටේටත් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. මේ කුරුලෑ බිබිලි millia තත්ත්වයට වඩා ටිකක් ලොකුයි. Acne වල සැරව තත්ත්වයක් දකින්නට තිබෙනවා. මිරිකලා අයින් කළ විට සැරව පිටතට එන්න පුළුවන්.
අපි ඊළඟ ආකාරය හඳුන්වන්නේ Pimple වශයෙනුයි. පිම්පල් වැඩි වශයෙන්ම ඇතිවෙන්නේ කම්මුල දෙපැත්තේ සහ නළලේයි. ඒත් සමහරුන්ගේ මේ තත්ත්වය පිටේ, බෙල්ලේ, පපුවේ සහ කකුල්වලත් දකින්නට පුළුවන්. පිම්පල් එන්නේ බොහෝ විට ශරීර උෂ්ණත්වය වැඩි අගයක් ගන්නා ශරීරවලයි. ඊට අමතරව හිස්හොරි ඇතිවීම නිසාත් පිම්පල් ඇතිවෙන්න පුළුවන්.
කුරුලෑ ඇතිවීමේ අනෙක් ආකාරය අපි හඳුන්වන්නේ Cist යනුවෙනුයි. සිස්ට් (Cist) කියන්නේ පිම්පල් වලට වඩා තරමක් ලොකු ගෙඩි ආකාරයෙන් දක්නට ලැබෙන විශේෂයකටයි. මුහුණේ මේ ආකාර ගෙඩි උපරීමයෙන් හතරක් වගේ තමයි දක්නට ලැබෙන්නේ. අනෙක් කුරුලෑ විශේෂයන්ට වඩා විශාලයි. අසාමාන්‍යයි.
අතින් ඇල්ලු විට ඝනකමට අතට දැනෙනවා. හම ඇතුළෙන් එන ගැටිත්තක් වගේ තමයි අතට දැනෙන්නේ. මේක රූපලාවණ්‍ය විශේෂඥවරයෙකුට විසඳුමක් දිය හැකි හෝ රූපලාවණ්‍ය ප්‍රතිකාර වලින් සුව කළ හැකි තත්ත්වයක් නොවේ. මෙවැනි තත්ත්වයක් සඳහා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගෙන වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුයි.
කුරුලෑ ඇතිවිය හැකි විවිධ ආකාර තත්ත්වයන් පිළිබඳ අප සාකච්ඡා කළා සේම කුරුලෑ සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ ද යන්න පිළිබඳත් අප අවබෝධයක් ලබාගත යුතුයි. කුමන ආකාරයක කුරුලෑ තියන සමක් වුවද ප්‍රතිකාර ලබා ගැනීමට ප්‍රථම සම පිළිබඳ පරීක්ෂාවක් කරගත යුතුයි.
තමන් තෝරාගන්නා සුදුසුකම් ලත් රූපලාවණ්‍ය විශේෂඥවරයෙකු ළඟට ගොස් ප්‍රථමයෙන්ම කළ යුත්තේ තමන්ට පිහිටා ඇත්තේ කුමන වර්ගයේ සමක් ද? යන්න ගැන පරීක්ෂාවක් කරගැනීමයි. අනෙක් පැත්තෙන් ප්‍රතිකාර කිරීමට පෙර අදාළ පුද්ගලයාගේ ආහාර රටාව, ජීවන රටාව සේම පරම්පරාවෙන් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ ද යන්න ගැන රූපලාවණ්‍ය විශේෂඥවරිය ද අවබෝධයක් ලබා ගත යුතුය. ඉන් පසුව තමයි ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේ.
කුරුලෑ සඳහා ඇත්තේ එකම විදියේ ප්‍රතිකාර ක්‍රම නොවෙයි. ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කුරුලෑ තත්ත්ව සඳහා යොදාගන්නා ප්‍රතිකාර ක්‍රම ද සුවිශේෂී වෙනවා. කුරුලෑ සහිත සමක් හොඳින් steam කරන්න ඕන. තියන කුරුලෑ අයින් කරන්න ඕන. විශේෂයෙන් මතක තබා ගන්න කුරුලෑ සහිත සමක් Scrub කරන්නේ නැති බව. එවිට තියනවටත් වඩා සමට හානි සිදුවෙන්න පුළුවන්. නිල තෙරපීමක් සිදුකිරීම ඉතාමත්ම හොඳයි. සමට pack එකක් පාවිච්චි කරනවා නම් ස්වාභාවික ද්‍රව්‍ය යොදා සාදාගත් pack පාවිච්චි කළ යුතුයි.
ක්‍රීම් වර්ග පාවිච්චි කරත්දී ගැළපෙන ක්‍රීම් පාවිච්චියට ගත යුතුයි. හිස්හොරි පවතීනම් ඒ සඳහා ප්‍රතිකාර කළ යුතුයි. හිස්හොරි සඳහා භාවිත කරන ෂැම්පු වර්ග ද ප්‍රමිතියකින් යුතු ඒවා විය යුතුය. සමබල ආහාර වේලක් ලබා ගැනීම ද මස්, මාංශ අඩුවෙන් සහ එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට එක් කර ගැනීම ද සුදුසුයි. විශේෂයෙන් තෙල් කෑමෙන් මිදිය යුතුය. Stress එකක් කුරුලෑ වැඩිවීමට එක් හේතුවක්.
ඒ නිසා විවේක සුවයෙන් සිටීම වඩා වැදගත්. caffen, coffee අඩංගු ආහාර වර්ග වැඩිපුර ආහාරයට ගැනීමත් සුදුසු නෑ. නිතරම කණ්ණාඩියෙන් තම මුහුණේ කුරුලෑ දෙස බලමින් විස්සෝප වීමත් හොඳ නෑ. නිතරම අල්ලන්න සුදුසු නෑ. සබන් පාවිච්චියත් සුදුසු නෑ. දවසට තුන් වතාවක් පමණ දෙහි බින්දු කිහිපයක් පිරිසුදු වතුරට මිශ්‍ර කර මුහුණ සෝදන්න. සුදුසු face wash එකක් උපදෙස් පරිදි පාවිච්චි කරන්න. සිතේ පීඩනය අඩු කරගෙන හොඳ නින්දක් ඇතිව පිරිසුදුව කටයුතු කිරීම අත්‍යවශ්‍යය.
සබැඳියන්
(silumina)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos