Gmail වැනි විදේශික ඊ මේල් සේවාවන් වෙතින් ඉවත්ව සිටින ලෙස රුසියානු රාජ්‍ය ආරක්ෂක කාර්යාංශය(FSB) විසින් ප‍්‍රදේශීය පරිපාලන බලධාරීන් වෙත අනතුරු අගවා ඇතැයි වාර්තා වේ.
ආරංචි මාර්ග පවසන්නේ රුසියානු රහස් ඔත්තු සේවය විසින් ප‍්‍රාදේශීය සන්නවේදන ප‍්‍රධානීන් වෙත යැවූ විශේෂ සංදේශයකින් යෝජනා කර ඇත්තේ දේශීය ඊ මේල් සේවාවන් භාවිතා කරන ලෙස බවයි.
දකුණු රෝස්ටොව් ආදී පරිපාලන ප‍්‍රදේශ ගණනාවක් මෙම විධානය වහා පිළිපැද ඇතැයි පැවසේ. හිටපු ඇමරිකානු ඔත්තු සේවා නිලධාරි එඞ්වඞ් ස්නොව්ඩන් විසින් වොෂින්ටනය මගින් ලොව පුරා සිදුකරන චරපුරුෂ ක‍්‍රියාකාරකම් පිළිබඳව සිදුකළ හෙළිදරව් කිරීම් පදනම් කරගනිමින් මෙම අනතුරු ඇගවීම කර තිබේ.
අගෝස්තු මසදී රුසියාවේ දේශපාලන රැකවරණ ලබාගත් ස්නොව්ඩන් විසින් අනාවරණය කරනු ලැබුවේ ඇමරිකානු බුද්ධි අංශ විසින් මිලියන ගණනක් දුරකථන දත්ත මෙන්ම ෆේස්බුක්, යාහු, ගූගල්, ඇපල් සහ මයික්‍රොසොෆ්ට් වැනි ප‍්‍රධාන පෙළේ අන්තර්ජාල සමාගම් වලින් තොරතුරු ලබාගන්නා බවයි.
පුද්ගලික ඊමේල් ගිණුම්වල සබඳතා නාමාවලිද මෙසේ ලබාගන්නා බව තවත් හෙළිදරව්වකින් පැවසුණු අතර පසුගිය වසරේ එක් දිනක් තුළ පමණක් යාහු වෙතින් සබඳතා නාමාවලි 444743ක්, හොට්මේල් වෙතින් 105068ක්, ෆේස්බුක් වෙතින් 82857ක් ජී මේල් නාමාවලි 33697ක් සහ වෙනත් සේවා සැපයුම්කරුවන්ගෙන් 22881 ලෙසින් ලබාගෙන ඇති බව ජාතික ආරක්ෂක ඒජන්සියේ අභ්‍යන්තර ඉදිරිපත් කිරීමකින් හෙළිවිය.