-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සමාගම්වලට නව සේවකයන් බඳවාගැනීමේදී එම සමාගම්වල නිලධාරීන් අන්තර්ජාල වෙබ් අඩවි හරහා සුදුසු සේවකයන් සොයාගැනීමට දරන උත්සාහයත් සමඟ සමාජ වෙබ් අඩවි තුළ අන්තර්ගත වන  ගිණුම් වැදගත් වනවා යන්න බොහෝ දෙනාගේ මතය බව  හෙඩ්හොන්චොස් වෙබ් අඩ්වියෙන් කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත.

අදාළ සමීක්ෂණයට සහභාගී වූ වෘත්තිකයන්ගෙන් 89% ම ප්‍රකාශ කර ඇත්තේ සමාජ වෙබ් අඩවිවල අඩංගු වන අනතර්ජාල ගිණුම් ඔවුන්ගේ වෘත්තිමය ජීවිතයට 'වැදගත්' වන බවයි.

ඊට අමතරව 49% කට අධික පිරිසක් විශ්වාස කරන්නේ  ෆේස්බුක් සහ ලින්ක්ඩ්ඉන් වැනි සමාජ වෙබ් අඩ්වි පමණක් නොව පෞද්ගලික බ්ලොග් අඩවි පවා කෙනෙක්ගේ වෘත්තිමය ජීවිතයට ‘ඉතා වැදගත්’ බවයි.

හෙඩ් හොන්චොස් වෙබ් අඩවියේ ප්‍රධාන විධායක නිලධාරියා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ ඩිජිටල් ලෝකය තුලින් කෙනෙක්ගේ පෞර්ෂය අදාළ පුද්ගයින් කරා යොමු කිරිමට විෂේශ අවස්ථාවක් සපයන අතර අයදුම්කරුවන්ට වඩා පුළුල් පරාසයක් ආවරණය කිරීමට හැකියාව ලැබෙන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos