-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක්ව වරින් දුෂණය කළ බව කියන 05 දෙනෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති  බව කරුවගලස්වැව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ අතවරයට පත්ව ඇති බව කියන දැරිවියගේ පියා,මාමා කෙනෙකු,සීයා‍ සහ තවත් ඥාති සහෝදරයින් දෙදෙනෙකුවය.කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රර්ධන නිළධාරීනිය විසින් කර ඇති පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇත.

කරුවගලගස්වැව - නෙලිවැව ප්‍රදේශයේ පදිංචිව සිටින අතවරයට පත්ව ඇති දැරිවිය පාසල් සිසුවියකි.ඇයගේ මව කටුනායක ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේම නවාතැන් ගෙන සිටින බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

තම පියා සහ බාල සහෝදරයින් තිදෙනෙකු සමග දැරිවිය නෙලිවැව ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

පසුගිය වසරේ අප්‍රේල් මස 05 වැනිදා පළමු වරට තම පියා විසින් තමන්ට අතවර කළ බවද,පසුව මාමා කෙනෙකු විසින්ද,ඉන් අනතුරුව ඥාති සොහොයුරන් දෙනෙකු විසින් සහ අවසන් වරට සීයා විසින්ද අතවර කළ බව දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

පොලිස් බාරයට ගෙන ඇති දැරිවිය වෛද්‍ය  පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති එල්.බී.අබේරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos