88-89 කාලයේදී ජවිපෙ විසින් සිදු කරන ලද 6,000කට අධික ඝාතන සම්බන්ධානේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතාමෙසේ සඳහන් කලේ ලන්ඩන් නුවරදී බීබීසී සිංහල සේවය හා අදහස් පල කරමිනි.
1983දී පැවති එජාප රජය විසින් ජවිපෙ තහනම් කිරීමෙන් අනතුරුව තත්වය අවි අතට ගැනීම දක්වා වර්ධනය වූ ආකාරයද එහිදී පැහැදිලි කල දිසානායක මහතා තම පක්ෂය අතින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් ශෝකය සහ කම්පනය එම පවුල් වෙත දන්වා සිටින බව සඳහන් කලේය.