-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජනාධිපතිවරයා විසින් අහෝසි කරන ලද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා හදිසියේ රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයෙන් පෙරේදා (21 වැනිදා) රාත්‍රි කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගයක්‌ අධිකව පානය කිරීම නිසා මෙලෙස රෝගීව අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින බව වාර්තා වේ.

රැගෙන ආ අවස්‌ථාවේ සිටම කොළඹ පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයක්‌ වෙත ඇතුළත් කෙරුණු හුළුගල්ල මහතා ඊයේ (22 වැනිදා) රාත්‍රි වන විටත් එහි ප්‍රතිකාර ලබමින් සිටියේය.

හුළුගල්ල මහතා කිසියම් සිද්ධියක්‌ හේතුවෙන් අදාළ ඖෂධයේ පෙති 20 ක්‌ පමණ පානය කර ඇති බවද සඳහන් වේ.

කොළඹ සූදුපිටියක්‌ පොලිසිය මගින් වැටලීමෙන් පසුව ඇති වූ සිද්ධීන් කිහිපයක්‌ හේතුවෙන් ඉකුත් දිනවල හුළුගල්ල මහතා සම්බන්ධ කෙරෙමින් මාධ්‍ය වාර්තා රැසක්‌ද පළ විය.

ඒ මහතා අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය දැරූ ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවේ එම සිද්ධිදාමය හමුවේ හුළුගල්ල මහතා පිළිබඳ ආන්දොaලනාත්මක කතා ගණනාවක්‌ ප්‍රචාරය වෙමින් තිබියදීය.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos