ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක දැල්ලෝ ඩෙවල් එකක තිබී යකඩ ඇණයක් හමුවී තිබේ. ඒ පිළිබඳව දෙහිවල නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් විසින් අදාල හෝටල් කළමණාකරුට නඩු පවරා තිබේ.
අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාග කල අවස්ථාවේ අදාල හෝටල් කළමනාකරුට රුපියල් 7.500 ක දඩයක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් රංග විමලසේන මහතා නියෝග කළේය.