2013 ලෝක විවාහක රූ රැජිණ තරගයේදී හොඳම ජාතික ඇඳුම තේරීම සඳහා පැවති තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රධිකා ගුණවර්ධනට සමත් වූවා ය.
රධිකා තිළිණි ගුණවර්ධන හොඳම ජාතික ඇඳුමට හිමි රන් පදක්කම දිනා ගත්තේ ඇමරිකාව, එංගලන්තය, චීනය, රුසියාව ඇතුළු රටවල් 40ක් අභිබවා යමිනි.
පසුගිය 14 වන දා ආරම්භ වූ විවාහක රූ රැජිණ තරගය ඊයේ චීනයේදී අවසන් විය.
අමෙරිකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කෙලී ස්පාර්ලිං 2013 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා ය.