-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



කාලය ඉකුත් වීමේ දිනය නිෂ්පාදිත දිනය කාණ්ඩ අංකය සඳහන් නොකරන ලද කොකා කෝලා බෝතලයක් විකිණීම සඳහා බෙදා හළ බවට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු වූ බියගම තේක්කවත්ත, කොකා කෝලා බෙවරේජස් පෞද්ගලික සමාගමට මුදලින් රුපියල් පහළොස් දහසක දඩයක් කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ගයාන් මීගහගේ මහතා නියම කෙළේය.

චෝදනා තුනකට වෙන් වෙන්ව රුපියල් පන්දහස බැගින් මේ පහළොස් දහසක දඩ මුදල නියම කෙරිණි.

1980 අංක 26 දරන ආහාර පනතේ 18(2) වන වගන්තිය යටතේ කොකා කෝලා සමාගමට ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ලබාදී ඇති සියලු බලපත්‍ර මාස තුනක කාලයක් තහනම් කිරීමටද විනිසුරු ගයාන් මීගහගේ මහතා නියෝග කෙළේය. ඒ අනුව මාස තුනක කාලයක් ආහාර නිෂ්පාදනය, සකස් කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම තහනම් වනු ඇත.

අධිකරණය මඟින් ලබාදුන් මේ නියෝගය සහ මාස තුනක කාලයක් නිෂ්පාදන බලපත්‍රයක් තහනම් කරමින් විත්තිකාර කොකා කෝලා සමාගමට එරෙහිව ලබාදුන් නියෝගය ජාතික පුවත්පතක පළ කර ප්‍රසිද්ධ කරන ලෙසට අධිකරණයේ රෙජිස්ට්‍රාර් කුමාරසේකර මහතාට නියෝග කළ විනිසුරුවරයා ඒ සඳහා වැය වන මුදල දඩයක් ලෙස විත්තිකාර කොකා කෝලා සමාගමෙන් අය කරන ගන්නා ලෙසද තවදුරටත් නියෝග කෙළේය.

විත්තිකාර කොකා කෝලා සමාගමේ නිෂ්පාදන තහනම් කරමින් අධිකරණය මඟින් ලබාදුන් නියෝගය නිෂ්පාදන බලපත්‍ර නිකුත් කරන බලධාරියා වෙත යවන ලෙසටද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කෙරිණි.

විත්තිකාර කොකා කෝලා සමාගමට එරෙහිව අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ප්‍රගීත් ජාලිය ජයතිලක මහතා අධිකරණය ගොනු කර තිබූ පෙර වැරැදි එකක් සම්බන්ධයෙන් වාර්තාවක්ද කටියාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්.පී.එස්.එන්. වාසල මහතා අධිකරණයට ගොනු කළ පෙර වැරැදි දෙකක් සම්බන්ධයෙන්ද වාර්තාවක්ද සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම් නියම කෙරිණි.

දඬුවම් නියම කිරීමෙන් පසුව විත්තිකාර කොකා කෝලා සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා අධිකරණයට දැනුම් දුන්නේ මේ නියෝගයට එරෙහිව උතුරු මැද පළාත් බද මහාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.

විත්තිකාර කොකා කෝලා සමාගම වෙනුවෙන් නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් වැලිඔය හිටපු මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සහ කටියාව වත්මන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්.පී.එස්.එන්. වාසල මහතා පෙනී සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos