-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වැනි වගන්තිය යටතේ සිරස ආයතනය මාධ්‍ය කටයුතුවලින් වළක්වාලන ආඥාවක් ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ඊයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කෙළේය. ඒ අනුව සිරස අයත් කැපිටල් මහාරාජා ආයතනයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතාට දෙසැම්බර් 11 වැනිදා මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට දන්වා අතිරේක මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා සිතාසි නිකුත්කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ විනය කඩ කිරීමේ නිරත වූ පක්ෂ සාමාජිකත්වය පක්ෂ නායකත්වයට එරෙහිව මාතර සිට කොළඹට පා ගමනක් සංවිධානය කළ බවද මේ පා ගමනට සිරස ආයතනයෙන් දැවැන්ත ප්‍රචාරයක් දුන් බවද පෙත්සමේ සඳහන් වෙයි.

සිරස ආයතනය කළ එම ප්‍රචාරයෙන් පසු පා ගමන යද්දී ජනතාව අතර ගැටුමක් ඇති වූ බවද මාතර නගරයේදී සහ දෙවිනුවරදී ඇති වූ මේ ගැටුම් නිසා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ බී. ආර්. 2687/13 බී. ආර්. 2688/13 බී. ආර්. 2790/13 යන නඩු ගොනු කළ බවත් සමරවීර මහතාගේ පෙත්සමෙන් පෙන්වා දෙයි. පැමිණිලිකාර මංගල සමරවීර මහතා සාමය කඩකිරීමේ ක්‍රියාවක යෙදුණු බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද ගැටුම පිළිබඳ ඇති දර්ශන සිරස ආයතනයේ නාළිකාවෙන් පෙන්වමින් ඔවුන්ගේ අනන්‍යතාවන් හෙළි කිරීම දිගින් දිගටම කළ බව මංගල සමරවීර මහතා සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ.

ගැටුමට අදාළ දර්ශන සිරස රූපවාහිනි නාළිකාව මඟින් ඔවුන්ගේ අනන්‍යතාව හෙළිකළ නිසා මංගල සමරවීර මහතාගේ ආධාරකරුවන්ට සහ හිතවතුන්ට අගතියක් සිදු වූ බවද පෙත්සමෙන් පෙන්වා දෙයි. මංගල සමරවීර මහතාගේ පෙත්සමේ බොහෝ අවස්ථාවල සඳහන් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම් සහ ගැටුම් සියල්ලම සිදු වී ඇත්තේ සිරස මාධ්‍ය මඟින් පළකරන ලද පුවත් හේතුවෙනි. මේ ගැටුම්වලට මංගල සමරවීර මහතා කොහෙත්ම සම්බන්ධ නැති බවද සිරස මාධ්‍ය මඟින් එක්සත් ජාතික පක්ෂයේ සහ පා ගමන පිළිබඳ කළ සියලු විකාශන වෛරී සහගත බව පෙත්සමෙන් පැවැසේ.

වගඋත්තරකරු වන ආර්. රාජමහේන්ද්‍රන් මහතා අධිකරණයට ගෙන්වා එවැනි ප්‍රචාර භාවිතාවක් නොකරන ලෙස බැඳුම්කරයකට යටත් කරවන ලෙසද පැමිණිලිකාර මංගල සමරවීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos