-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකාවේ පැවති 23 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් හා සෙසු රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ ගමන් පහසුව සදහා මෙරටට ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ මේ වනවිට එම සමාගම් වෙත නැවත භාරදී ඇතත්, එම වාහන සම්බන්ධයෙන් ගනු ලබන අවසන් නිශ්චිත කි‍්‍රයාමාර්ගය මෙතෙක් රජය විසින් තීරණය කර නොමැති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

බෙන්ස් S-400 මාදිලියේ සුඛෝපභෝගී රථ 54ක්, නිසාන් Teana රථ 60ක්, නිසාන් Sylphy රථ 54ක් සහ ටොයෝටා Corolla ක් රථ 54ක් පොදුරද මඩුලූ සමුළුව වෙනුවෙන් මෙරටට ආනයනය කර තිබිණි.
සමුළුවෙන් පසු අදාළ මෝටර් රථ ඒවා ගෙන්වනු ලැබූ සමාගම් වෙතම ඒවා භාර දී එම සමාගම් සතු රථ වාහන ගාල් වල ගාල් කර තිබේ.

අදාළ මෝටර් රථ එම සමාගම් වෙත නැවත භාර දෙමින් ඒවා අලෙවි කිරීමට සූදානම් වෙමින් සිටියදී, රජයේ මැති ඇමතිවරුන් හා අමාත්‍යංශ එම වාහන තමන්ගේ පරිහරණයට ලබාදෙන ලෙස ඉල්ලා සිටීම නිසා අදාළ වාහන සම්බන්ධයෙන් රජය විසින් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද රජයේ අභයන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos