-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහරගම පිළිකා රෝහ‍ලේ රසායනාගාර සහකාරියක වූ තිලකා නන්දනී ජයසිංහ නමැති 52 හැවිරිදි දෙදරු මව ඝාතනයේ සැකකරු එම ඝාතනයෙන් මාස අටකට පසු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු විසිහතර වියැති අයෙකි. තිලකා නන්දනී ජයසිංහ නමැති මෙම කාන්තාව බොරැලැස්ගමුව කටුවාවල පිහිටි සිය දෙමහල් නිවසේ සිටියදී පසුගිය මාර්තු මස 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය කර තිබිණ. මෙහිදී ඇගේ බාල පුතුටද තුවාල සිදුකර තිබිණ. සොරකමක් සඳහා නිවසට ඇතුළු වූ අවස්ථාවේ ගෙහිමි කත සැකකරු දුටු හෙයින් මෙම ඝාතනය කර ඇති බවට ‍පොලීසිය සැකකරයි. මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට බස්නාහිර දකුණ නියෝජ්‍ය ‍පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා විසින් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතාට භාරදීමෙන් අනතුරුව කරන ලද විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවාස බිඳ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකුගේ ඡායාරූප එම නිවාසවල ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. එම ඡායාරූප එකම පුද්ගලයෙකුගේ බවට නිරීක්ෂණය වී ඇති අතර ඔහු අතුරුගිරියේදී මීට වසර හයකට පෙර අත්අඩංගුවට ගෙන සිරගත කළ පුද්ගලයකු බව අතුරුගිරියේදී අත්අඩංගුවට ගැනීම සිදුකළ දැනට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ සේවය කරන ‍පොලිස් සැරයන් පියල් මහතා හඳුනාගෙන ඇත. ඡායාරූපවල සිටින්නේ සිය නිවසට හොරෙන් ඇතුළුව තමාටත් මවටත් පිහියෙන් අනින ලද පුද්ගලයා බව ඝාතනයට පත් වූ තිලකා නන්දනීගේ පුතා හඳුනාගෙන ඇත. සැකකරු 2007දී ගෙවල් 7ක් බිඳ සොරකම් කිරීමේ වරදට අතුරුගිරිය ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකහමාරක සිරදඬුවමක් ලබා ඇත. එම සිරදඬුවම ලබා නිදහස්ව පැමිණ යළි සොරකමෙහි නියැලුන සැකකරු 2011 සිට 2012 දක්වා ගෙවල් 14ක් බිඳ වැල්ලවත්ත ‍පොලීසිය මගින් අත්අඩංගුචවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇත. ඉහත කාන්තාව ඝාතනය කරනු ලබන්නේ එලෙස සොරකම් කිරීම සඳහා ඇගේ නිවසට වතුර බටය දිගේ නැග කඹයක් ආධාරයෙන් නිවසට ඇතුළුවූ අවස්ථාවේ ඇති වූ සිදුවීමකදීය. එහිදී කාන්තාවකට හා පිරිමි දරුවෙකුට පිහියෙන් ඇන්න බව පිළිගන්නා සැකකරු ඝාතනයක් සිදුකළ බව පිළිනොගන්නා බවද ‍පොලීසිය පවසයි.
මහරගම - පී.දයාරත්න

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos