-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සංසදයේ දැඩි ආරක්ෂක රැකවල් තිබියදී 'චැනල් ෆෝ' මාධ්‍යවේදී ජොනතන් මිලර් මහතා ජනාධිපතිවරයා ආසන්නයට පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ 'චැනල් ෆෝ' මාධ්‍යවේදීන් හෘද සාක්ෂියට එකඟව  කටයුතු කරනු ඇතැයි රජය බලාපොරොත්තු වන බවයි.

 පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වී ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා අසලට ගොස් චැනල් ෆෝ මාධ්‍යවේදී ජොනතන් මිලර් ප‍්‍රශ්න කිහිපයක් විමසා සිටියේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 12 වැනිදා පැවැති ව්‍යාපාරික සමුළුව අමතා පිටතට එද්දී ඔහු පිටුපසින් පැමිණෙමින් ජොනතන් මිලර් ප්‍රශ්න කීපයක් විමසිය.

ජොනතන් මිලර් මහතා එහිදී  ජනාධිපතිවරයාගෙන් අනපේක්ෂිතව නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්  ඔහු කියා සිටියේ,  තමනට එරෙහිව එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් දක්වන්නේ නැති බවයි.

පසුව ජනාධිපතිවරයා හා චැනල් 4 මාධ්‍යවේදියා අතට අත දී වෙන්ව ගියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos