-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ සුපිරි බූරු පිටිය හෝ කැසිනෝ හල පවත්වාගෙන ගියේ කාගේ අනුහසින්ද යන්නත් එයට ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේ, දේශපාලනඥයන්ගේ බිරිදෑවරුන්ගේ ඇති සම්බන්ධය කුමක්ද යන්නත් වහා රටට හෙළි කරන ලෙස ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.

එම සූදු පොළ වැටලූ සංවිධානාත්මක අපරාධ අංශයේ නිලධාරීන් මාරු කළ හා එම සූදු පොළට ආරක්‍ෂාව දී ඇති ආරක්‍ෂක අංශ මාධ්‍ය භාර ප්‍රධානියා කවුදැයි කියා පොලිස්පතිවරයාගෙන් විමසා සිටින බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

නීති විරෝධී කැසිනෝහල් වැටලූ පොලිස් නිලධාරීන්ට අත්වන ඉරණම මෙය නම්, රටේ නීතිය ගැන තිබෙන බලාපොරොත්තුව කුමක්දැයි කියා ප්‍රශ්න කරන වර්ණසිංහ මහතා මේ සිද්ධිය දැඩි දෝෂදර්ශනයට ලක්කරමින් මෙසේද අවධාරණය කරයි.

මේ බූරු පොළේ සූදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි නීතිඥවරු, ධනවත් ව්‍යාපාරිකයන් හා ආරක්‍ෂක අංශවලට සම්බන්ධ නිලධාරීන් පිරිසක්ද එහි සිට ඇති බව වාර්තා විය. පුදුමය නම් මේ බූරු පිටිය වටලා පැය 48ක් ගතවීමට පෙර එම සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් 23 දෙනා මාරුකර යැවීමය. එසේ වූයේ ඇයි? මේ පිටුපස සැඟවී ඇති සත්‍ය කුමක්ද? මෙය බූරු පිටියක්ද? නැතිනම් කැසිනෝ හලක්ද? එය නීත්‍යනුකූලද? නැතිනම් නීති විරෝධීද? එයට බලපත්‍ර තිබේද? මේ බූරු පිටිය හෝ කැසිනෝ හලේ අයිතිකරු කවුද? මෙය පවත්වාගෙන ගියේ කාගේ අනුහසින්ද? එයට ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගේ, දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන්ගේ ඇති සම්බන්ධය කුමක්ද? මේ නීති විරෝධී කැසිනෝ ක්ලබ් එකට ආරක්‍ෂාව රැකවරණය අනුහස ලැබුණේ කාගෙන්ද? අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 23 දෙනා මාරු කර යැවූ ඇත්ත හේතුව කුමක්ද? මේ සියල්ල ප්‍රහේලිකාවකි. රහසකි. මේ පිටුපස සැඟවුණු කතාව සහ මේ කැසිනෝහල පවත්වාගෙන ගිය පුද්ගලයන්, කාන්තාවන් හා ආරක්‍ෂක ප්‍රධානීන් කවුද? යන්න පිළිබඳ වහාම රටට, ජනතාවට හෙළි කළ යුතුය.

සූදු පොළේදී අත්අඩංගුවට ගත් ප්‍රභූ පුද්ගලයන් 45 දෙනාට සිදුවූයේ කුමක්ද? ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කෙළේද? මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් රටේ විශාල විරෝධයක් පවතින අවස්ථාවක මේ සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ නීති විරෝධී කැසිනෝහල්, සූදු පිටි රටේ තිබෙන බව නොවේද? ගෙනෙන්නට නියමිත ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපාර දැඩි නීති රීතිවලින් පාලනය කරන බව ප්‍රකාශ කළද, රටේ තිබෙන බලවත් පුද්ගලයන්ගේ අනුග්‍රහය යටතේ පවතින නීති විරෝධී කැසිනෝහල්වලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවේනම් අනාගතයේ ගෙනෙන්නට යන කැසිනෝ රජාගේ මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර ගැන කවර කතාද? රටේ කැසිනෝ පෙට්ටි කඩ කරන මැඩම්ලා රටේ නීතිය බලු කරන්නේ නම් උස්සා පොළොවේ ගසන්නේ නම් විදේශීය කැසිනෝ රජවරු රටේ නීතිය උඩු සුළඟේ පා කර හරිනු ඇත.

නීති විරෝධී කැසිනෝහල් වැටලූ නිලධාරීන්ට අත්වන ඉරණම මෙය නම් රටේ නීතිය ගැන කවර බලාපොරොත්තුවක්කද? කැසිනෝ නියාමනය කරන්නට බෙරිහන් දෙන මැති ඇමැතිවරුන්ගෙන් අප විමසා සිටින්නේ හැකිනම් ඇස් වාට්ටුවේ බූරුපොළ හෝ කැසිනෝ හල කාගේදැයි රටට හෙළි කරන ලෙසත් ඔවුන්ගේ නම් ගම් එළි දක්වන ලෙසත්ය. එයට ආරක්‍ෂාව දී ඇති මාධ්‍ය මඟින් වාර්තා කරන ආරක්‍ෂක අංශවල මාධ්‍ය භාර ප්‍රධානියා කවුද? මේ පැනයම අප පොලිස්පතිතුමාගෙන් විමසා සිටිමු. ජනාධිපතිතුමනි, නීතිය හරියට ක්‍රියාත්මක නොවන රටකට ආර්ථිකය ගොඩගන්නට මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර අප එපා කියන්නේ මේ නිසාය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos