-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරු, ඔහුගේ බිරිය වූ කැමිලා පාකර් සහ අගමැති ඩේවිඩ් කැමරන් ඇතුළුරාජ්‍ය නායකයෝ රැසක්‌ අද (14 දා) මෙරටට පැමිණෙති.

පාකිස්‌තාන් අගමැති සහ මැලේසියානු අගමැතිවරයාද ඔව්හු අතර වෙති.මේ වන විට රාජ්‍ය නායකයෝ 12 දෙනෙක්‌ මෙරටට පැමිණ සිටිති.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව මෙම 15 වැනිදා පෙරවරු 9.30 ට කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී උත්සවාකාරයෙන් පැවැත්වේ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේ මුල්ම සැසිවාරය එදින බණ්‌ඩාරනායක සමරුහලේදී ආරම්භ වේ.

සමුළුවේදී ගනු ලබන තීරණ ගැන නොවැම්බර් 17 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ පොදු රාජ්‍ය මණ්‌ඩල ලේකම් කමලේෂ් ෂර්මා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයට පත්කෙරේ.

මෙම රාජකීයයන් දෙදෙනාම පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවට සහ රාත්‍රි භෝජන සංග්‍රහයට එක්‌වන අතර රාජ්‍ය නායකයන් සමග හමුවීම් කිහිපයක්‌ද වේල්ස්‌ කුමරු විසින් සිදුකරනු ලබයි.

වේල්ස්‌ කුමරු සහ කෝර්න්වෝල් ආදිපාදවරිය ශ්‍රී ලංකාවේ ගත කරන දින තුනක කාලය තුළදී මෙරට ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතය. එක්‌සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කිරීමේ වැඩසටහන්ද ඒ අතර වේ. සාහිත්‍ය, අධ්‍යාපන, සංස්‌කෘතික, මානසික සෞඛ්‍ය, කාන්තා රැකවරණය හා සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහාද ඔවුහු දෙපළ සහභාගි වෙති.

එමෙන්ම වේල්ස්‌ කුමරු කොළඹ ජාතික කෞතුකාගාරය සහ කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයටද අනතුරුව නුවරඑළිය සහ මහනුවර සංචාරයකටද එක්‌වේ.

කෝර්න්වෝල් ආදිපාදවරිය කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට, කොළඹ මහජන පුස්‌තකාලයට සංචාරය කිරීමට නියමිතය.

වේල්ස්‌ කුමරු මින් පෙර දෙවරක්‌ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර කෝර්න්වෝල් ආදිපාදවරියගේ පළමු ශ්‍රී ලංකා සංචාරය වේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos