කුරුණෑගල ජෝන් කොතලාවල විදුහලේ සිසුවියක් ෆේස්බුක් සිදුවීමක් හේතුකොට ගෙන සියදිවි නසා ගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප‍්‍රචාර පැතිරයාමෙන් විදුහලේ කීර්තිනාමයට අපහාසයක් වී ඇති බව පවසමින් එම විදුහලේ දෙමාපියන් හා ආදි සිසුන් විශාල පිරිසක් විරෝධතාවක නිරතවූහ.
දෙදහසකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි මෙම විරෝධතාවය දිගු දුර ප‍්‍රමාණයකට විහිදී තිබිණ.
මෙම විරෝධතාවයේදී ප‍්‍රදර්ශනය කළ පෝස්ටර්වල ‘විදුහල නිසි ලෙස සුරැකී විදුහල්ති රැක ගනිමු’, ‘ජනාධිතිතුමනි,ෆේස්බුක් පිළිලයෙන් දැයේ දරුවන් බේරා දෙන්න’,‘මහඇමතිතුමනි සත්‍ය දුටුවාට අපේ උපහාර’,‘දෙමාපියන් දු දරුවන් සත්‍ය දකිමු’,‘මාධ්‍යවේදී සහෘදයෙනි ඒක පාර්ශ්වික නොවී සත්‍ය පළ කරන්න’ ආදී පාඨ විරෝධතාවයේ සදහන්ව තිබුණි.