-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තම පුත් මාලක සිල්වා තමාගෙන් පසුව දේශපාලනයට  පැමිණෙන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසයි. එසේම තම දුවත් දේශපාලනයට පිවිසීමට කැමැතිනම් එයටත් අවස්තාව ලබා දෙන බව මර්වින් සිල්වා අමාත්‍යවරයා සඳහන් කළේය.
ඊයේ (18දා) කැළණියේ පැවැති දේශපාලන රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය.
“පුතාට දේශපාලනයට එන්න කියලා ආරාධනයක් තිබුණා නමුත් තාත්තා ඉන්න නිසා පුතා දේශපාලනයට ආවේ නෑ. මගෙන් පස්සේ මගේ පුතා දේශපානයට එනවා. ඒ පොරොන්දුව මම දෙනවා.” යැයි හෙතෙම සඳහන් කළේය.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වියෝ වූ ගායක ජෝතිපාලගේ සොහොන ළගින්මතම ස්මාරකය ඉදිරිකිරීමට මුදල් තැන්පත් කළ බවත් එහි ඉදිකිරීමට යෝජිත ස්මාරකය සඳහා ඉදිරියේදී අඩි තාලම දමන බවත්ය.
“මාර්තු මාසේ වෙනකොට කුළුණක් හදලා උපත විපත දාන්නේ නැතිව විවෘත කරනවා. මම මැරෙන්න බය නෑ. මම මැරෙන බව දන්නවා.” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week