-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් තිදෙනකු නිවෙසක පිටුපස ‍ෙදාර කඩා බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයකුට පහර දීමේදී, එම සිද්ධිය දැකීමෙන් ඇති වූ කම්පනයෙන් අවුරුදු පනහක් වයසැති අදාළ පුද්ගලයාගේ මව මියගොස් තිබේ.

මිනුවන්ගොඩ, බොරගොඩවත්තේ අංක 77/4 දරන නිවෙසට ඊයේ (19දා) අලුයම 2.00ට පමණ පැමිණ ඇති මේ පොලිස් නිලධාරීන් තිදෙනා නිවෙසේ ඉදිරිපස ‍ෙදාරට ගසමින් ‍ෙදාර විවෘත නොකළහොත් වෙඩි තබන බවට තර්ජනය කර තිබේ. ඉන්පසු පිටුපස ‍ෙදාරට පයින් ගසා නිවෙසට ඇතුළු වී ඇති මේ නිලධාරීන් ඒ අසල නිදාගෙන සිටි මියගිය වසන්තා පද්මිණී මහත්මියගේ බාල පුතා වන රමල් ප්‍රදීප්ට ‍ෙදාරට තබා තිබූ පොල්ලකින් සහ සපත්තුවලින් පහර දී ඇත.


එවිට අදාළ ස්ථානයට පැමිණි ඔහුගේ මව පපුව අල්ලාගෙන වාඩි වූ බවත්, ඇයගේ තත්ත්වය බරපතළ බව පෙනෙන්නට තිබූ නිසා පොලිස් නිලධාරීන් පැමිණ තිබූ ජීප් රථයෙන්ම මිනුවන්ගොඩ රෝහලට ගෙන ගිය බවත් සිද්ධිය ඇසින් දුටු වසන්තා පද්මිණී නැමැත්තියගේ ලේලිය වන ඉනෝකා වසන්ති මහත්මිය පැවැසීය.
මෙම සිද්ධියට මැදි වූ මව ඊයේ අලුයම මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර පසුව එම මළසිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා ගම්පහ රෝහලට ගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.


අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා නිවෙස ඉදිරිපිට නවතා තිබූ තමන්ගේ ලොරියේ සහ යතුරුපැදියේ හුළං අරිනු තමන්ට ඇසුණු බව සඳහන් කළ මියගිය තැනැත්තියගේ වැඩිමහලු පුත්‍රයා වන රනිල් ප්‍රසාද් මහතා, ඔවුන් පැමිණ තිබුණේ තමන්ව අත්අඩංගුවට ගැනීමට බවද පැවැසීය. පොලිස් නිලධාරීන් මේ අවස්ථාවේ බීමතින් සිටි බවද ඔහු කීය.


මීට දින තුනකට පෙර අසල ක්‍රීඩාංගණයකදී සිදු වූ ගැටුමක් පදනම් කරගෙන සී.අයි.බී./ඩී./175/196 අංකය යටතේ මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් සටහන් කර ඇති අතර, ඊට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහා ඊයේ (19දා) 11.00ට පොලිසියට පැමිණෙන ලෙස රනිල් ප්‍රසාද් නමැත්තාට දැනුම් දී ඇත. පෙරේදා (18දා) පස්වරුවේ නිවෙසට පැමිණි පො.කො. (73170) රාජපක්‍ෂ නම් නිලධාරියා විසින් මෙම දැනුම් දීම කර තිබේ.
මේ වන විට පොලිස් පරීක්‍ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවෙස අසල රඳවා ඇත. ප්‍රදේශවාසීන් සහ පොලිසිය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස තමන් මෙම ස්ථානයේ රැඳී සිටින බව එහි සිටි නිලධාරියකු 'මව්බිම'ට පැවැසීය.
මේ වන විට පොලිස්පතිවරයාගේ නියෝග මත ගම්පහ ප්‍රදේශය භාර පොලිස් අධිකාරී රංජිත් මාසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.


මියගිය තැනැත්තියගේ නිවෙසට ගිය පොලිස් නිලධාරීන් තිදෙනාගෙන්ද ඊයේ සවස ප්‍රකාශ සටහන් කරගත් බවද මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිස් අධිකාරිවරයා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week