-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලි-මිනිස්‌ ගැටුම උග්‍රව පැවතියද, වසරකට වන අලින් 200 ක්‌ පමණ අකාලයේ මිය ඇදුනද ශ්‍රී ලංකාව අලින්ගෙන් පොහොසත් රටකි. එමෙන්ම අපගේ සංස්‌කෘතියේ අලියාට හිමිවන්නේ වෙනත් වන සතකුට හිමි නොවන ස්‌ථානයකි. එනිසාම අලින් පිළිබඳ කෙතරම් ගැටලු පැවතියද අපට අලියා මහා සාඩම්බරයකි.

මේ සාඩම්බරයට නොයෙක්‌ වර නොයෙකුත් විශේෂතා ඇතිවුණු අවස්‌ථා බොහෝය. නිදසුනක්‌ ලෛස මේ මෑතක්‌ වන තුරුම ආසියාවේ දිගම දළ සහිත ඇතා දිවි ගෙවූයේ අපේ රටේය. දළ¹ කරඬුව වැඩම කිරීමට තරම් පුණ්‍යවන්ත වූ ඒ ඇත් රජු අන් කවරෙකුත් නොව මිල්ලන්ගොඩ රාජාය. එසේම, ජාතික වස්‌තුවක්‌ සේ ප්‍රකාශයට පත් කෙරුණු දළ¹ මාළිගාවේ රාජා ගැන ද මෙහිදී අපට සිහිපත් වේ. ඔවුන් ගෘහාශ්‍රිතව දිවි ගෙවූ අලින් වන අතර, යාල, කුමන වැනි දකුණු කලාපයේ දිවි ගෙවූ දළ පූට්‌ටුවන් ද අපගේ අලි සම්පතට අභිමානය කැන්දූ ඇත් රජවරුය.

මෙවන් ඉතිහාසයක්‌ ඇති සිරිලක ඇත් - අලි පරපුරේ කතාන්දරයට තවත් වටිනාකමක්‌ එක්‌කරමින් ලෝකයේ ප්‍රථම සත්‍ය කුරු අලියා සත්ත්ව ලෝකයට හඳුන්වා දීමට ද දැන් ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. ඒ උඩවලව ජාතික වනෝද්‍යානය තුළදීය. පසුගිය ජුලි මස 7 වැනිදා ප්‍රථම වතාවට ප්‍රවීණ වන සත්ත්ව ගවේෂකයකු වන රොහාන් විෙ-සිංහ මහතාගේ පූර්ණ හා මනා නිරීක්‍ෂණයට බඳුන් වුණු මෙම අසාමාන්‍ය හස්‌තියා ඉන්පසු ප්‍රවීණ අලි විශේෂඥයන් වන වෛද්‍ය පෘථිවිරාඡ් ප්‍රනාන්දු, නදීක හපුආරච්චි වැනි අයගේ පරීක්‍ෂාවට ද බඳුන් වී දැන් එය විද්‍යාත්මක තහවුරු කර ඇත්තේ විද්‍යා පර්යේෂණ සඟරාවක ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

එනම්, ආසියානු අලින් පිළිබඳ සංගමයේ ප්‍රකාශනයක්‌ වන ගජා සඟරාවේ 38 (2013) 30-32 ඉකුත්දා ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම කුරු අලියා වයසින් අවුරුදු 20-30 ත් අතර ප්‍රමාණයේ යෑයි සැලකෙන අතර වැඩුණු පිරිමි සතෙකි. උස අඩි 5 ක්‌ පමණ වේ. සාමාන්‍ය පරිදි වැඩුණු සිරුරක්‌ මෙම අලියාගේ උඩු කයෙහි දක්‌නට ඇති අතර පාද ඉතා කෙටි සහ පුළුල්ය. හිස, හොඬය හා හොඬ මූලය (හක්‌ක ප්‍රදේශය) වැඩුණු අලියකුට සමානය.

මෙම අලියා ප්‍රථමයෙන්ම නිරීක්‍ෂණය කර ඇති රොහාන් විඡේසිංහ මහතා පවසන පරිදි ඔහුට කුරු අලියා මුණගැසී ඇත්තේ උඩවලව වනෝද්‍යානයේ ප්‍රවිශ්ඨ දොරටුවට මඳක්‌ ආසන්නයේ පිහිටා ඇති තේක්‌ක වැව අසල මාර්ගයේදීය.

"මම උද්‍යානයට ඇතුල් වුණේ පෙරවරු හතට විතර. ඒ යනකොට තේක්‌කවැව ළඟ පාරේ අලින් දෙදෙනකු හිටියා. එක්‌කෙනෙක්‌ ලොකු තරුණ අලියෙක්‌. අනෙකා පැටියෙක්‌ වගේ තමයි දැක්‌කේ. අපි එතැන නතරවෙලා බලාගෙන හිටියා. පොඩි අලියා පාරට ආවා. එහිදී මාත් සමග හිටි වනජීවී මගපෙන්වන්නා සමන් කිව්වා මහත්තයා මේකා නම් වෙනස්‌ අලියෙක්‌ කියල. මම පින්තූරත් ගත්තා. ඇත්තටම උගේ සිරුර ඉහළ කොටස ලොකු අලියකුගේ වගේමයි. කකුල් කොටයි. ඒ වගේම උගෙන් මද වෑහුණා. අනිත් අලියත් එක්‌ක ප්‍රේම ආලිංගනයකුත් තිබුණා. ඒ අනුව අපි තේරුම් ගත්තා මේ කුරු වුණ ලොකු අලියකු බව. ඒ අනුවයි ප්‍රවීණ අලි විශේෂඥ වෛද්‍ය පෘතිවිරාඡ් ප්‍රනාන්දු මහතාට මේ බව දැනුම් දුන්නා" යෑයි රොහාන් විඡේසිංහ මහතා පවසයි.

ඒ අනුව කුරු අලියා පිළිබඳ ඡායාරූප තොරතුරු ඇතුළත් වාර්තාව මෙවර ගජ විද්‍යාත්මක සඟරාවේ පළකර ඇත්තේ විද්‍යාත්මක හඳුනා ගැනීමක්‌ ලෙසිනි. එය ලෝකයේ ප්‍රථම කුරු අලියා හඳුනා ගැනීමේ වාර්තාව බවට ඒ අනුව පත්වෙයි.අලින් පිළිබඳ ප්‍රකට පර්යේෂක වෛද්‍ය පෘතිවිරාඡ් ප්‍රනාන්දු මහතා මෙය මෙතෙක්‌ හ\qනාගත් ප්‍රථම කුරු අලි වාර්තාව බවට සනාථ කරයි. අදාළ ජර්නලයේ මේ අනුව රොහාන් විඡේසිංහ, නදීක හපුආරච්චි, ඩ්‍රැඩ් ඇබොට්‌, ජෙනිµර් පැස්‌ටෝ රිනි සහ පෘථිවිරාඡ් ප්‍රනාන්දු මහතාගේ කර්තෘත්වයෙන් අදාල පර්යේෂණ වාර්තාව පළවී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos