-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාඇල ප්‍රදේශයේ දාහතර වියැති ලාබාල දැරිවියන් දෙදෙනෙක් සිය නිවෙස්වල මාපියන් හා ආරවුලක් ඇතිකරගෙන හලාවතට පැමිණ ඇත. එලෙස පැමිණි මේ බාලවයස්කාරියන් දෙදෙනා හලාවත සිටි තරුණයෙකු (25) හා හිතවත්වී ඇති අතර ඔහුද කැටිව හෙට්ටිපොළට පැමිණ ඇත.

ඒ ‍වනවිට රාත්‍රිය එළැ‍ඹෙමින් තිබූ අතර ඔවුන් තිදෙනා කුරුණෑගල පාරේ යනඑන වාහනවලට අත පාමින් වාහන නවතාලන්නට වෑයම් කර ඇත.

මේ අතර එම ස්ථානයට තරුණයින් දෙදෙනෙකු යතුරුපැදි දෙකකින් පැමිණ ඇත. ඒ අවස්ථාවේ එක් බාලවයස්කාරියක් එක් තරුණයෙකුගේ යතුරුපැදියට නැඟ පඬුවස්නුවර පූජා නඟරයේ වනලැහැබකට ගොස් ඇත .එම තරුණයා පඬුවස්නුවර විවිධසේවා සමූපකාර සමිතියේ සභාපතිවරයාගේ ‍පුතා බව පොලිසිය කියයි

මේ අතර අනෙක් බාලවයස්කාරියත් හලාවත සිට ආ තරුණයාත් එම ස්ථානයට යතුරු පැදියෙන් ආ අනෙක් තරුණයාත් සමඟ ඊට යාබද වත්තකට ගොස් ඇත.

මේ අතර බාලවයස්කාරියන්ගේ දෙමාපියන් තම දරුවන්ගේ අතුරුදන්වීම ‍පිළිබඳව පොලිසියට පැමිණිළි කර ඇත.ක්ෂණිකව ක්‍රියාත්මකවූ පොලිසිය පඬුවස්නුවර බස්නැවතුම්පොල පරිශ්‍රය ඇතුලු අවට රැකවල්ලා ඔවුන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කළහ.

යාබදවූ වත්තෙහි සිටි තිදෙනා පොලිස් අත්අඩංඟුවට පත්වූ අතර පසුව පූජා නඟරයේ වන ලැහැබකට ගෙනගොස් එක් දැරියක් කෙලෙසූ සැකකරුද දැරිය සමඟ බස්නැවතුම් පොලට එමින් සිටියදී අද  (17) අලුයම පොලිසිය විසින් අත්අඩංඟුවට ගනු ලැබීය.

මේවනවිට සියලුදෙනා පොලිස් අත්අඩංඟුවේ පසුවෙයි.  අතවරයට ලක්වූ බාලවයස්කාරියට මීට පෙරද ජාඇල තරුණයෙකුගෙන් අතවරයක් වී ඇති බවත් ඒ පිළිබඳව නඩුවක් පවතින බවත් පැවසේ.

-ලක්බිම

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos