-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොදුරාජ්‍ය මණ්ඩලීය 22 වන රාජ්‍ය නායක සමුළුව අදින් අවසන් වනවා. මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් පසුගිය 10 වැනිදා සිට ක‍්‍රියාත්මක වුණා. ඒ අනුව හම්බන්තොටදී පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදය පැවති අතර මහජන සංසදය රැස්වුණේ හික්කඩුවේදියි. ව්‍යාපාරික සංසදය කොළඹදී රැස්වුණ අතර  ඊට දෙස් විදෙස් ආයෝජකයින් 2000 කට ආසන්න පිරිසක් එක්වුණා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය අති උත්කර්ශවත් ලෙස නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පෙරේදා පැවති අතර එහි ප‍්‍රධානත්වය ගනු ලැබුවේ එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුයි. මෙහිදී ඉදිරි වසර දෙක සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයද හිමිවුණා. 

කෙසේ වෙතත් අද උදෑසන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සුහද හමුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව, රාජ්‍ය නායකයින් අතර විධායක මට්ටමේ අවසන් සාකච්ඡාව පැවැත්වෙනවා. එහිදී මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ගනු ලබන තීරණ ඇතුළත් කර අවසන් වාර්තාවක් සකස් කිරීමට නියමිතයි. මෙම අවසන් වාර්තාව සකස් කරනු ලබන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහජන සංසදය, තරුණ සංසදය, ව්‍යාපාරික සංසදය සහ විදේශ අමාත්‍යවරුන් සකස් කළ වාර්තා ද සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. 

ඉන් අනතුරුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. ඒ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී ගත් තීරණ දැනුම්දීම සඳහායි. විශේෂයෙන්ම එහිදී ඊළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය දරණ රට ද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.  
 
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා පැමිණි එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ඇතුලූ ධූත පිරිස ඊයේ රාත‍්‍රියේ 9.15 ට පමණ දිවයිනෙන් නික්ම ගියා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ආරම්භ වූයේ දෙවන එළිසබෙත් රැජින නියෝජනය කරමින් මෙරටට පැමිණි බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු වෙතින්. චාල්ස් කුමරු ඊයේ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. එහිදී මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව බි‍්‍රතාන්‍යය යටත් විජිත සමයේ මියගිය සෙබළුන්ගේ දේහයන් තැන්පත් කර ඇති ගැරිසන් ස්මාරකය වෙත පැමිණ ගෞරව දැක්වූවා. පසුව චාල්ස් කුමරු පේරාදෙණිය උද්භිද උද්‍යානයද නිරීක්ෂනය කළා. ඉන් අනතුරුව නුවරඑළියේ සංචාරයේ නිරතවූ චාල්ස් කුමරු ලබුකැලේ වතුයායේදී තේ කෝප්පයක රස බැලීමටද අමතක කළේ නැහැ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos