කුරුණෑගල දිස්ත්රික්කය මෙවර වඩාත් උණුසුම් වුයේ එක්සත් ජාතික පක්ෂයේ සිටි දයාසිරි ජයසේකරගේ සන්ධාන ආගමනයත් සමගය. මේ වනවිට කුරුණෑගල ප්රධාන වශයෙන් දැකගත හැක්කේ දයාසිරි සහ ජොහාන් අතර යුද්ධයකි.
ජොහාන් ගේ උදව්වට ජොහාන්ගේ පියා තිරය පිටුපස සිට ප්රභල භූමිකාවක් ඉටුකරන අතර දයාසිරි ජයසේකර සිය අවිය කොටගෙන ඇත්තේ ජනප්රියත්වය හා ගීත ගැයීම තුලින් උපයාගත් ජන ආකර්ෂණය වේ.
දයාසිරි එක්සත් ජාතික පක්ෂයේ සිටියදී දේශපාලන වේදිකාවේ ගී නොගයන බවට පොරොන්දු වුවාට මේවනවිට සිය ජන්ද පදනම ඉහල දමාගැනීම සඳහා දේශපාලන වේදිකාවේද ගීත ගායනා කරන අයුරු දැකගත හැක.
දයාසිරි ජයසේකරගේ "පොකට් මීටින්" සඳහා සහභාගී වන ජනතාවගේ ප්රධාන ඉල්ලීම වනුයේ දයාසිරි ලවා ගීතයක් ගායනා කරවීමය. තවද මුස්ලිම් ජන්දදායකයන්ගේ මනදොල පිරිම සඳහා මේවනවිට දයාසිරි දමිල ගීත ගායනයද ආරම්භකොට ඇත.
ඒ අනුව පසුගියදා පොතුහැර සිය මුස්ලිම් හිතවතෙකුගේ නිවසේ පවතී උත්සවයකදී රැස්වූ මුස්ලිම් ජන්දදායකයන්ගේ ඉල්ලීම මත දයාසිරි විසින් "කාදල් රෝසාවේ" නම් දමිල ගීතය ගායනාකොට ඇත.