ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ වෙළඳ හවුල්කාර රටවල මුදල් ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා ඉදිරියේදී මෙරටට එම රට වලින් විශාල ලෙස වාහන ගෙන්වීමේ ඉඩ කඩක් තිබෙන බවයි.
මේ නිසා, මෙරටට ගෙන්වන බස් රථ, ලොරි රථ, ගිලන් රථ, ට්‍රක් රථ හැර අනිකුත් මෝටර් රථ ආනයනයේදී වාණිජ බැංකු සමග ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික තැන්පතු අවශ්‍යතාවයක් පැනවීමට මහ බැංකුව කටයුතු කර තිබේ.
මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි නම් කරන ලද රථ වාහන කාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කළ හැකි වනුයේ සියයට සියයක අවම මුදල් ආන්තිකයක් පවතී නම් පමණි.
මෙම ආන්තිකය පැනවීම පිළිබඳව මාස 06 කට පසුව නැවත සලකා බැලීමටද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ වනවිට, ඉන්දියානු රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීම නිසා ඉන්දීය මෝටර් රථ මිල අඩුවී ඇත. මේ නිසා, ඉන්දීය මෝටර් රථ වැඩි වශයෙන් ලංකාවට පැමිණීමේ ඉඩ කඩක් තිබූ අතර මෙම ආන්තිකය පැනවීම නිසා එම අවස්ථාව මග හැරී යයි.