නාසා ආයතනය මගින් ක‍්‍රියාත්මක කරන මාර්ස් කියුරියෝසිටි රෝවර් මෙහෙයුම මගින් අගහරු ග‍්‍රහයා මත ඈත අතීතයේදී ජලය පැවති බව තහවුරු කෙරෙන තවත් සාක්ෂි අනාවරණය වෙමින් පවතින බව වාර්තා වේ.
2011 නොවැම්බරයේදී පෘථිවියෙන් පිටත්වූ එම යානය 2012 අගෝස්තුවේදී අගහරු ග‍්‍රහයාගේ ගේල් ආවාටය තුළට ගොඩබැසීමෙන් පසු මේ වසරේ මාර්තු මාසයේදි කියුරියෝසිටි රෝවරය විසින් මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණ වූ අගහරු මත ජලය තිබූ බව සහ ජීවයට සුදුසු පරිසරයක් තිබූ බවට මුල්ම සාක්ෂි යෙලෝනයිෆ් බොක්ක ප‍්‍රදේශයෙන් සොයාගනු ලැබිනි.
ඉන් අනතුරුව කිලෝමීටර 5.5ක් උසින් යුතු ෂාප් කඳු මුදුන දක්වා පිටත්වූ අතර ඒ සඳහා රෝවරය තරණය කළ යුතු දුර ප‍්‍රමාණය වන කිලෝමීටර 8.6න් 20%ක් පමණ මේ වන විට පැමිණ ඇතැයි සැලකේ.
එම චාරිකාව තුළදී විද්‍යාත්මක අධ්‍යනයන් සඳහා නැවතුම්පොළ 5ක් තෝරාගෙන ඇති අතර ඉන් පළමුවැන්න වූ ඩාවින් ලෙස නම් කර ඇති පාෂාණ තැන්පතුව අධ්‍යනය කිරීමේදී අතීතයේ ගලා ගිය ජල දහරා මගින් තැන්පත් වූ බව විශ්වාස කළ හැකි බොරලූ සහිත වැලිගල් නිධියක් හමුවී තිබේ.
නාසා විද්‍යාඥයන් පවසන්නේ යෙලෝනයිෆ් හා ඩාවින් ප‍්‍රදේශවල පාෂාණ සංචිත වල සංයුතිය වෙනස් හෙයින් ඒවා එකිනෙකට වෙනස් ජල දහරා විය හැකි බවයි.
කියුරියෝසිටි රෝවරය අකර්මණ්‍ය වීමට පෙර ෂාප් කඳුවැටිය කරා ළගාවීම ගවේෂණයේ ප‍්‍රමුඛතාවය ලෙස විද්‍යාඥයන් විසින් තීරණය කර ඇති හෙයින් මෙවැනි විශේෂම ස්ථානයන් 5ක් පමණක් අතරමගදී පිරික්සා බැලීමට නියමිතව ඇත ඩාවින් ප‍්‍රදේශයේ දින 4ක් පුරා පර්යේෂණ වල නිරතවී සිටි රෝවරය නැවතත් තම ගමන අරඹා ඇතැයි වාර්තා වේ.