එජාප නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට බාරදී වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වන ලෙස ඉල්ලා මරාන්තික උපවාසයක් මාතලේ ඔරලෝසු කණුව අසලදි පුද්ගලයින් දෙදෙනෙක් විසින් අද උදැසන සිට ආරම්භ කර තිබේ.
උපවාසකරුවන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වන තුරු මෙම උපවාසය පවත්වන බවත් රටේ විපක්ෂයක් අවශ්‍ය නිසා ශක්තිමත් ලෙස පක්ෂය රැකගැනීම යුගයේ අවශ්‍යතාවයක් බවත් තමන් ඒ වෙනුවෙන් වැඩ කරන බවත්ය.
‘මේ රට යන දිසාව දිහා කල්පනා කරන විට අපේ රටට විපක්ෂයක් ඕන. රනිල් මහත්තා මේ වැඬේට ගැලපෙන්නේ නැහැ. රටට විපක්ෂයක් උතුරෙන් ගෙන්න වෙන හැඩක් තියෙන්නේ. අපි දෙවැනි බලවේගය බවට පත්ව සිටියත් කරන්න දෙයක් නැහැ. දිගින් දිගටම අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පරාජයට පත්වුණා’ යයි උපවාසයේ නියුතු පල්ලේපොල පදංචි ආර්.ඞී. රාමනායක සහ තැඹිලිදෙනියේ පදිංචි අජිත් සෙනවිරත්න කියා සිටිති.