තාරුණ්‍යයත් හරියට ස්ටක් වුණු මැෂින් එකක් වගේ එකතැනක හිරවෙන්නේ නැතුව මොහොතින් මොහොත් අප්ඩේට් වෙන්න කැමති අපූරු ලෝකයක්. ෆැෂන්ස් කියන්නේත් ඒ තියරියටම දුවන දිවිය යුතු මහා සාගරේ වගේ පැතිරුණු හරි වර්ණවත් ලෝකයක්. තාරුණ්‍යයත් විලාසිතාත් අතර තියෙන මේ තකට තක බැඳීම නිසාම තමන්ගේ සමාජ තරාතිරම මොකක් වුණත් ලේටස්ට් ෆැෂන්ස් පසුපස හඹා යන්න කොල්ලෝ කෙල්ලන්ට තියෙන්නේ ලොකු උණක්. “ලේටස්ට්ෆැෂන්ස්” කියනකොටම කාගේත් ඔළුවට සැණින් අප්ලෝඩ් වෙන්නේ සල්ලිකාර ඉහළ පැලැන්තියේ ඇත්තෝ විතරක් පය තියෙන සුපිරි ගණයේෆැෂන්ස් ෂොප්ස් ලිස්ට් එකක්. මේ ලිස්ට් එක මන්තරයක් වගේ සිහි කර කර හිතෙන් දුක් වුණු ඇතැම් තරුණ කොටස් අපිට ඒ දොරවල් ඇරෙන්නේ නෑ කියන මතයෙයි ඉන්නේ. ODEL කියන්නෙත් කාලයක් පුරා අපේ රටේ බොහෝ දෙනෙක් ඒ මානෙන් බලපු අගනුවර සුපිරි මෝස්තර අලෙවි සලක්. ඔව් ඔඩෙල් කියන්නේපැෂන්ස්වල නියම තියරි එක අල්ල ගත්තු සුපර් ස්ටාර් කෙනෙක් තමයි. ඒත් තමන්ගේ නිෂ්පාදන අලෙවියේදී පන්ති භේදයක් නෑ කියන එක ඔප්පු කරන්න මේ වෙනකොට ODEL සෑහෙන දුරට සමත් වෙලා තියෙනවා. සාමාන්‍ය පන්තියේ තාරුණ්‍යයටත් ඉහළ පන්තියේ තාරුණ්‍යයටත් තමන් සතු මිල මුදල් ප්‍රමාණයට සරිලන අයුරින් මිලට ගත හැකි ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රැසකින් ODEL දැන් සන්නද්ධයි. මේ ගැන විපරම් කරන්න අපි ගිය ODEL සවාරියේදී මුලින්ම අපේ ඇස් හොරා ගත්තේ ඩෙනිම් විලාසිතා පෙළ. මලට බඹරා වගේ පරම්පරා ගාණක් තාරුණ්‍ය ඩෙනිම් කලිසමට ආදරේ කරන්නේ එහි පවතින ශක්තිමත් බව සහ කල්පැවැත්ම නිසා. හැබැයි ඉතින් ඒ වටිනාකම් ඒ විදියටම ලබාගන්න නම් බෙස්ට් කොලිටි ඩෙනිමක් හිමිකර ගන්න ඕන. අන්න ඒ වටිනාකමෙන් පිරිපුන් ජාත්‍යන්තර තලයේ සුපර් බ්‍රෑන්ඩ්ස් ඩෙනිම් පෙළකටයි මේ ඉඩ විවර වෙන්නේ.
මෙහි ඡායාරූප අංක 1න් දැක්වෙන්නේ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආයනය කරන ජාත්‍යන්තර ඉහළ පිළිගැනීමක් සහිත අනර්ඝ තත්ත්වයේ නිමාවකින් හෙබි ඩෙනිම් කලිසමක්. Flying Machine යනුවෙන් හඳුන්වන වෙළෙඳ සන්නාමය යටතේ එන මෙම නිෂ්පාදන ගෙන්වන ලංකාවේ එකම නියෝජිතයා ODEL විතරයි. මෙමනිෂ්පාදනවල මිල රු. 2000 සිට රු. 5000 දක්වා දිවයනවා. Pearly King බ්‍රෑන්ඩ් එකෙන් එන ලොව පුරා අතිශයින් ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිපැයුමක් වන මේ විලාසිතාව අලුත්ම ටේරන්ඩ් එකට නිර්මාණය වුණු ලේටසට් ඩෙනිම් ෆැෂන් එකක් විදිහට හැඳින්වූවාට වරදක් නෑ. (ඡායාරූප අංක 2) මෙම නිෂ්පාදනයේ මිල රු.5000 - 10000ත් අතර වෙනවා. ඊළඟට අපේ නෙත් සිත් සොරා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වුණේ ODEL එකේ පාවහන් අංශය. විවිධ මාදිලිවලින් යුත් දැකුම්කළු පාවහන් රැසකින් එම අංශය වර්ණවත් වෙලා තිබුණා. මේ ලිපියේ ඉහළින්ම දැක්වෙන පාවහන් මේ දිනවල තරුණ පරපුර අතර ඉතාම ජනප්‍රිය විලාසිතාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. වර්ණවත් පාවහන් තමයි දැන් අලුත්ම ටේරන්ඩ් එක. මේ නිෂ්පාදනවල මිල රු.6000ක් පමණ වෙනවා.

නිරාශා පියවදනි
ඡායාරූප - ෆ්රෑන්ක් ද සොයිසා
ඡායාරූප - ෆ්රෑන්ක් ද සොයිසා