තමන්ගේ වැඬේ තමන් කර අවසන් බවත් දැන් ඇත්තේ ජනාධිපතිතුමන්ගේ වැඬේ බවත් වයඹ පළාතෙන් වැඩම මනාප ගත් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ඔහු පවසන්නේ වයඹ පළාත් මහඇමති ධුරය ලබාදෙන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොරොන්දු වුවද එය තමන් මැතිවරණ වේදිකාවේ විකුණන්නට නොගිය බවයි.
එම පොරොන්දුව ලබා දුන්නේ එජාපය හැරදා සන්ධානයට එක්වන්නට පෙරතුව බවද කී ඒ මහතා මහඇමති ධුරය විවෘතව තැබීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි ඡන්ද ප්රමාණයක් මෙවර මැතිවරණයේදී ලැබුණු බවද සඳහන් කරයි.