-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


250 කටත් අධික කාර්යමණ්ඩලයක් හා සුපිරි බොලිවුඩ් නළුවන් පිරිසක් මේ දිනවල ලංකාවේ හිදිමින් මෙරට ආර්ථිකයට ඩොලර් පොදි පිටින් පොම්ප කරමින් සිටිනවා.මේ විදියට ලංකාවේ රූ ගත කිරීමක් සඳහා ඇවිල්ලා ඉන්නේ අනුරාග් කාශ්‍යපගේ දැවැන්ත සිනමා නිර්මාණයක් වු “බොම්බේ වෙල්වට්“ නිෂ්පාදක කණ්ඩායමයි.මේ චිත්‍රපටයේ ප්‍රධාන තරු යුවළ වන රන්බීර් කපුර් සහ අනුෂ්කා ෂර්මායි ඇතුළු තවත් ප්‍රවීණ බොලිවුඩ් තරු රැසක් මේ වන විට ලංකාවේ හිදිමින් මේ රූ ගත කිරීම සඳහා දායක වෙනවා.
ජුලි මස සිට සැප්තැම්බර් දක්වා සිදුකරන් යන මේ රූ ගත කිරීම් සඳහා යොදා ගනු ලබන්නේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයයි.1950 දශකය හා 70 දශකය තිබු පැරණි බොම්බේ නගරය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයෙන් අක්කර 4 භූමි භාගයක් වෙන් කර දී තිබෙනවා.මේ වන විට පුරාණ බොම්බේ නගරය නැවත නිර්මාණය කිරීම සඳහා ඔවුනට රුපියල් මිලියන 260 පමණ වැය වී තිබෙනවා.මිලියන ගණනාවක මුදල් කන්දරාවක් වියදම් කරමින් තැණෙන මේ සුපිරි බොලිවුඩ් නිර්මාණ තැනීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත්තේ මේ කාල සීමාවේදී මෙරට වු වියළි කාලගුණ තත්ත්වයයි.වැඩි දුරටත් ලැබෙන ආරංචි මාර්ග වල හැටියට මේ සමස්ථ නිෂ්පාදක කණ්ඩායම සඳහා ලංකාවෙන් හෝටල් රාත්‍රීන් 11000ක් සපයනු ලබනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week