-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනුරාධපුර පූජා බිමේ මල්වතු පෙදෙසේ ස්ථාපිත කර තිබූ ‘මිනන්’ නැමැති මුස්ලිම් පල්ලිය අධිකරණ නියෝගයක් මත ඊයේ අනුරාධපුර මහ නගර සභාවේ නිලධාරින් විසින් බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කරන ලදි. අනුරාධපුර මහ නගර සභාව විසින් මෙම පල්ලියට එරෙහිව පැවරූ නඩුවක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරුණ අතර එහිදී මෙම පල්ලිය අනවසරයෙන් ඉදිකළ එකක් බවට උසාවිය තීරණය කර තිබිණ. ඒ අනුව පල්ලිය කඩා ඉවත් කිරීම සිදු කෙරිණ.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අනුරාධපුරයේ මුස්ලිම් ජනමාධ්‍යවේදියකු වන මොහොමඩ් මහරුෆ් රිස්වි මහතා පවසා සිටියේ මෙම සිද්ධියට අනුරාධපුරයේ ජුම්මා මුස්ලිම් සභාපතිවරයා ඇතුලු එහි පාලනාධිකාරිය සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි. ඔවුන් උසාවියට පැමිණ මෙම පල්ලියට කිසිවෙක් වන්දනා කරන්නට එන්නේ නැතැයි පැවසීම අත්තනෝමතික ප්‍රකාශයක් බවද ඔහු සඳහන් කරයි.
පල්ලිය කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ සිංහල ජනතාව, මහ නගර සභාව හෝ ස්වාමීන් වහන්සේලා කිසිවෙක් වගකිව යුතු නැතැයිද පෙන්වා දුන් රිස්වි මහතා පල්ලිය කඩා ඉවත් කරන්නට මොහොතකට පෙර දහවල් 12 දේව මෙහෙයද එහි පැවැත් වූ බවද පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week