ව්‍යාජ දහසේ නෝට්ටු 152 ක තොගයක්ද සමග ටෙලිනාට්‍ය නළුවකු මහරගම දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හදිසියේ ලැබුණ තොරතුරක් අනුව සැකකාර නළුවා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී මෙම ව්‍යාජ නෝට්ටු හමු වූ බවද පොලීසිය පැවැසීය.
රිමාන්ඞ් සිරකරුවකුගේ මැදිහත් වීමෙන් කුරුණෑගල ප‍්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම මුදල් නෝට්ටු ලැබුණු බව සැකකරුගෙන් මේ ගැන විමසූ අවස්ථාවේ දී ඔහු ප‍්‍රකාශ කර ඇත. එය ඇත්තක් දැයි සොයා බලාගෙන යන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.