මහව ප්‍රදේශයේදී 80 හැවිරිදි කාන්තාවක දූෂණය කර ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටි සැකකරු පෙරේදා රාත්‍රි වාරියපොළ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එම ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ සිද්ධියෙන් පසුව සැකකරු බළන්ගොඩ ප්‍රදේශයට පලාගොස් සිට පෙරේදා රාත්‍රි වාරියපොළ ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු කුරුණෑගල අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කොට ඩී.එන්.ඒ. පරීක්‍ෂණයකටද යොමු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
සැකකරුගේ අනියම් බිරියගේ මිත්තණිය ඔහු විසින් මෙසේ දූෂණයට ලක්කොට තිබූ බව පොලිසිය පැවැසීය.
සැකකරුගේ අනියම් බිරියගේ මිත්තණිය ඔහු විසින් මෙසේ දූෂණයට ලක්කොට තිබූ බව පොලිසිය පැවැසීය.
සැකකරු කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ පිළිබඳ මහව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.