මෙවර උසස් පෙළ විභාගයේ සිට උත්තර පත්‍ර ඇගයීමේ ගාස්‌තු සියයට විසිපහකින් වැඩි කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඇගයීම් කටයුතු සඳහා දහඅට දහසක පමණ ගුරුවරුන් පිරිසක් සහභාගි වන අතර ඇගයීම් ගාස්‌තු වැඩි කරන ලෙස ගුරු වෘත්තීය සංගම් ද ඉල්ලීම් කර තිබිණි.
ගාස්‌තු වැඩි කිරීම සඳහා කැබිනට් මණ්‌ඩලයේ ද අනුමැතිය ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා "දිවයින"ට ඊයේ (16 වැනිදා) පැවසීය.
මේ අතර විභාග සංවිධාන රාජකාරි කටයුතු කරන නිලධාරීන්ගේ ගාස්‌තු ද පසුගිය වසරේ සිට සියයට විසිපහකින් වැඩි කර තිබේ.
මෙවර උ/පෙළ සිට පිළිතුරු පත්‍ර ඇගයීමේ ගාස්‌තු ඉහළට
2013-08-17T13:29:00+05:30
Janith
local|Local news|