-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පානදුර - විජිතා ලියනගේ

සිය දියණිය සමග සත් වසරක්‌ තිස්‌සේ අඹුසැමියන් ලෙස හැසිරෙමින් ඇයව දූෂණයට ලක්‌ කරන ලද බව කියන ඇගේ පියා පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පානදුර වැඩබලන මහෙස්‌ත්‍රාත් ජයන්ති පීරිස්‌ මහත්මිය වෙත 10 දා ඉදිරිපත් කරනු ලදුව 19 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කෙරිණ.

බන්ධනාගාරගත වූයේ පානදුර මාදුපිටියේ පදිංචි සිවු දරු පියෙකි. දූෂණයට ලක්‌ව ඇති දැරිය දැනට පානදුර කේතුමතී කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. ඇය දැන් 13 වැනි වියේ පසුවෙයි.

ඇය පාසලේ පළමු වසරේ ඉගෙන ගන්නා කාලයේ පටන් සිය පියාගේ අතවරයට ලක්‌ව ඇති බවත් දැනට 13 වැනි වියේ පසුවන ඇය පොලිසියට පවසා ඇත. මව විදෙස්‌ගතව ඇති හෙයින් තමාත් අයියාත් මල්ලී හා නංගීවත් බලාගන්නේ ආච්චි අම්මා බවත් සෙනසුරාදා හා ඉරිදා දිනවල ආච්චි අම්මා වෙනත් ඥති ගෙදරකට යන බවත් එA දිනවල මෙම අතවරය තමාට සිදුවූ බව ඇය පොලිසියට කියා ඇත.

පොලිසියට ලද නිර්නාමික දුරකථන ඇමතුම් කිහිපයක්‌ අනුව සැකකරුගේ නිවස සොයා ගොස්‌ ඔහු අත්අඩංගුවට ගත් බවත් 09 දා පානදුර දකුණ පොලිස්‌ ස්‌ථානයේ සිරමැදිරියේ රඳවා තැබූ සැකකරු ඔහුගේ ටී ෂර්ට්‌ එකෙන් පටියක්‌ ඉරාගෙන සිරමැදිරියේ දැල් දොරේ ඉල්ලීමට තැත් කරද්දී පොලිස්‌ ආරක්‍ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇති බවත් පොලිසිය කියයි. පානදුර පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පො. පරීක්‍ෂක ටෙරන්ස්‌ ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත අපරාධ මර්දන අංශයේ ස්‌ථානාධිපති පො. පරීක්‍ෂක කේ. එA. පී. ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් උ.පො.ප. සල්වතුර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති කා. උ.පො. පරීක්‍ෂක කුමාරසිංහ, කා.උ.පො.ප. ලක්‌මාලි, කා.උ.පො.ප. කාංචනා, උ.පො.ප. සංජීව, පො.කො. (1424) රණසිංහ, පො.කො. (82287) අමිත් යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week