-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුපිරි බොලිවුඩ් නළු ජෝන් ඒබ්‍රහම් රඟපෑමෙන් හා නිෂ්පාදනයෙන් දායකත්වය දැක්වූ ශ්‍රී  ලංකාවේ සිවිල් යුද්ධය පිළිබඳ කතා පිටපතක් රැගත් ‘මැඩ්‍රෑස් කැෆේ’ හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම මදුරාසි මහාධිකරණය විසින් සිකුරාදා (16දා) ඉවත දමා තිබේ.

මහාධිකරණ විනිසුරු මනිකුමාර් පෙත්සම ඉවත දමමින් පවසා ඇත්තේ පැමිණිලිකාර නීතිඥ එසිලාරසු විසින් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් තමිල්නාඩු දෙමළ ජනතාව අතර සාමය කඩවේ යැයි පැමිණිලි කිරීම සඳහා අවශ්‍ය සාධක සපයා නැති බවයි. නීතිඥ එසිලාරසු නමැත්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කරන ලෙස ඉල්ලා බදාදා (14දා) ගොනු කළ පෙත්සමින් පැමිණිලි කර තිබුණේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක දැන්වීම් පටයේ එල්.ටී.ටී.ඊ.ය ‘ත්‍රස්තවාදීන්’ ලෙස හඳුන්වා තිබීමෙන් තමිල්නාඩු දෙමළ ජනතාව අතර සාමය කඩවිය හැකි බවයි.

අගෝස්තු 23 වැනිදා ලොව පුරා ප්‍රදර්ශනයවීම ආරම්භ කිරීමට නියමිත ‘මැඩ්‍රෑස් කැෆේ’ චිත්‍රපටය 1987 ඉන්දු ලංකා සාම ගිවිසුමෙන් පසු ශ්‍රී  ලංකාවට ගොඩබසින ඉන්දීය හමුදා සමඟ එන ඉන්දීය රහස් ඔත්තු සේවා නිලධාරියකු හා යුද ගැටුම් වාර්තා කිරීමට එන මාධ්‍යවේදිනියක වටා ගෙතී ඇත. යාපනය ඇතුළු උතුරු පළාතේ රූගත කර ඇති චිත්‍රපටයේ ඵල්.ටී.ටී.ඊ.ය හා ඉන්දීය හමුදා අතර ගැටුම් ඇතිවෙන දර්ශන පවා අඩංගු බව පැවැසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week