හම්බන්තොට, සිරිබෝපුර ප‍්‍රදේශයේ සුසාන භූමියක මිනී ඔළු ජාවාරමක් සිදුවන බවට තොරතුරු අනාවරණ වනවා. කොළඹ ඇතුළු දුරබැහැර ප‍්‍රදේශවල ඇතැම් පුද්ගලයින් සිදු කරන ගුරුකම් වලට මිනී ඔළු අලෙවි කිරීම ජාවාරම්කරුවන්ගේ කි‍්‍රයාකලාපය වී තිබෙනවා.
එක් මිනී ඔළුවක් රුපියල් ලක්ෂ දෙකකට අලෙවි කෙරෙන බවටද තොරතුරු වාර්තා වන බව හම්බන්තොට, නාගරික මන්තී‍්‍ර, අජිත් ප‍්‍රසන්න මහතා වී ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළා. ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලීසියද දැනුවත් කර ඇති බවයි.