-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජපානයේ රජ පවුලේ සුගුකෝ කුමරිය ලබන 19දා සිට 23 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල චාරිකාවක යෙදෙයි. 27 වැනි වියෙහි පසුවන ඇය ජපානයේ තකමාඩෝ කුමරුගේ සහ තකමාඩෝ කුමරියගේ වැඩිමහල් දියණියයි.

ශ්‍රී ලංකාවේ චාරිකාවේදී මහනුවර ශ්‍රී දළදා මාලිගවේදී දළදා සමිඳුන් වැදපුදා ගන්නා කුමරිය ඇසළ පෙරහැර ද නරඹයි. ඇය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීමට අනුරාධපුරය බලා යනු ඇත.  සුගුකෝ කුමරිය ලෝක උරුමයන් වන ශ්‍රී ලංකාවේ  ඓතිහාසික ස්ථානවල චාරිකා කරන අතර අලි බැලීම පිණිස වනෝද්‍යානයක් නැරඹීමටද නියමිතය.

පසුගිය මාර්තු මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය ජපානයේ යෙදුණු චාරිකාවේදී සුගුකෝ කුමරිය හමුවූහ. ඇය ශ්‍රී ලංකාවේ චාරිකාවක යෙදීමට ආරාධනය පිළිගන්නා ලද්දේ එම අවස්ථාවේදීය. සුගුකෝ කුමරිය මෙම චාරිකාවේදි මහනුවර ජනාධිපති මන්දිරයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද හමුවෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week